කමල් පෙරේරා විසින් පරිවර්තිත ශ්‍රේෂ්ඨ චීන ලේඛක ලු ශුන්ගේ චරිතාපදානය වන 'ලුශුන් - චීන විප්ලවයේ පන්හිඳ' නම් කෘතිය සමඟ ඔහුගේ නවතම සිංහල කෙටිකතා සංග්‍රහය වන 'කැරකෙන හංසරාජයා' හා ඉංග්‍රීසි කෙටිකතා කෘතිය වන “Taking to Flight” ජනගත කිරීමේ උලෙළ අද දින (අගෝස්තු 30) සවස 3.00 ට කොළඹ 07 ජාතික පුස්තකාල සේවා මණ්ඩලයීය ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.
චීන නව සාහිත්‍යයේ පුරෝගාමියා ලෙස සැලකෙන ලු ෂුන්ගේ සාහිත්‍ය මෙහෙවර ලාංකීය පාඨකයන්ට හඳුන්වාදීමට සමගාමිව ඔහු පිලිබඳ ඡායාරුප ප්‍රදර්ශනයක් ද ශ්‍රී ලංකා චීන සමාජ හා සංස්කෘතික සහයෝගිතා සංගමයේ අනුග්‍රහයෙන් මෙදින පැවැත්වේ.
කැලණිය විශ්වවිද්‍යාලයේ චීන භාෂාව පිළිබඳ මහාචාර්ය නැදලගමුවේ ධම්මදින්න හිමියන් ජනගත කිරීමේ උළලේ මුලසුන හොබවන අතර ප්‍රවීන ලේඛක දෙපලක් වන එස්.ජි. පුංචිහේවා සහ කීර්ති වැලිසරගේ විශේෂ දෙසුම් පැවැත්වීමට නියමිත ය.