පුංචි තිරයේ මහා කලා මංගල්‍ය ලෙස සැලකෙන සුමති ටෙලි සම්මාන උළෙල 2018 හොඳම ටෙලි නාට්‍ය නිළියට හිමි සම්මානය දිනා ගැනීමට නදී කම්මැල්ලවීර සමත් විය.
23 වැනි වරටත් සංවිධානය කළ මෙම සම්මාන රාත්‍රිය 29 බදාදා කොළඹ නෙලුම් පොකුණ රඟහලේ දී පැවැත්වුණි.
ආනන්ද අබේනායක අධ්‍යක්ෂණය කළ “බැද්දේ කුලවමිය” ටෙලියේ චංචලා දේවි නම් අවංකවම ආදරය සොයන දඩබ්බර ගැමි තරුණියගේ චරිත නිරුපනය වෙනුවෙන් නදී කම්මැල්ලවීර මෙසේ සම්මානය හිමි කරගත්තා ය.
පසුගියදා නිමාව දුටු සිග්නිස් සම්මාන උළෙල 2018 මෙන්ම රයිගම් ටෙලි සම්මාන උළෙල 2018 යන සම්මාන උළෙල වලදී ද “බැද්දේ කුලවමිය” ටෙලි නාට්‍යයේ රඟපෑ චරිතය වෙනුවෙන් හොඳම නිළිය ලෙස ඇය සම්මානයට පාත්‍ර වීම විශේෂත්වයකි.
පුංචි තිරයේ හොඳම නිළිය ලෙස සම්මාන උළෙල තුනකදීම ඇගයීමට ලක් වූ නදී, ඔබට මිරර් ආට් සුබ පැතුම්!