විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක්
හුස්මක් නොගෙන දුවනා රැලක්
ජීවිතේ මහා හිස්කමක්
ඉඩමක් ගෙයක්.. ඇයි ගහකොලක්?
චින්තන ධර්මදාස ගේ පදමාලාවෙන් රසවත් වන විල්පත්තුවක් ගැන ඇයි කැක්කුමක් ගීතය ගායනා කරනු ලබන්නේ චිත්‍රාල් සෝමපාල විසිනි.
පසුගිය කාලය පුරාවටම විල්පත්තු රක්ෂිතයේ සිදු වෙමින් පැවති වන විනාශය දේශපාලනික, වාර්ගික අර්බුධයක් බවට පත්වෙමින් තිබුණී.
ඒ කෙසේ වුවද බලධාරීන් මේ සඳහා නිසි විසඳුම ගෙන නොමැති තත්ත්වයක ගැටළුව වඩා උග්රකාරී තත්ත්වයකටපත්ව තිබේ.
මේ වන විට විල්පත්තු වනෝද්‍යානයට සත්‍යවශයෙන්ම අයත් සම්පූර්ණ භූමි ප්‍රදේශය අධි සංරක්ශිත වනජීවී කලාපයක් ලෙස ගැසට් කරන ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නියෝග කර තිබේ.
ඊට අදාල ගැසට් පත්‍රය ඉතාමත් ඉක්මනින් නිකුත් කරන අතර ඉන් පසුව විල්පත්තු රක්ෂිත කලාපයට අනවසරයෙන් ඇතුලු වන ඔනෑම අයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක වන බව බවසා ඇති අතර වනෝද්‍යානයේ ඇති අනවසර ඉදිකිරීම්ද ඉවත් කෙරෙනු බවට දැනුම් දී ඇත.
මෙසේ ගන්නාවු තීන්දු තිරණ හුදෙක් මාධ්‍ය සංදර්ශනයන්ට පමණක් සීමා නොවි ඉහල බලධාරීන්ගේ සිට සාමාන්‍ය පුරවැසියා ඡාතික වැදගත්කමක් සේ සලකා ක්‍රියාත්මක වීම වැදගත් වේ.