හිරු ගුවන්විදුලි නාලිකාවේ ජනප්රිය නිවේදකයකු හා හිරු, ෂා හා සූර්යන් හි අධ්යක්ෂ වැඩසටන් ධූරය දැරූ අරවින්ද ලොකුගේ එයින් ඉවත්වීමට සූදානම් වන බව මිරර් ආර්ට්ස් වෙත වාර්තා වේ.
අරවින්දගේ, අරා - පැස්බරා වැඩසටන ශ්රාවකයන් අතර ඉතා ජනප්රිය වැඩසටහනක් වන අතර ඔහු අධ්යක්ෂ වැඩසටහන් ලෙස සිටියදී හිරු නාලිකාව හොඳම නාලිකාව ලෙසත්, අරා - පැස්බරා වැඩසටහන හොඳම වැඩසටහන ලෙසත්, අරවින්ද හොඳම නිවේදකයා ලෙසත් සම්මාන ලබා තිබේ.
ඔහු එම නාලිකාවේ වසර 18කට වැඩි කාලයක් සේවය කර ඇති බව පැවසේ.
කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් වීමසීමක් කිරීමක් සඳහා අරවින්ද ලොකුගේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ දැරැවද එය ව්යර්තවිය.