කාන්තාවක් බොහෝවිට ජීවත්වන්නේ දුක් විඳින්නේ, කැපවෙන්නේ තමන් වෙනුවෙන් නොවේ. පවුලේ යහපත වෙනුවෙනි.
ඒ සඳහා ඇය නොකළ යුතු දෙයද කරන්නීය. ඇයගේ දිරිය සිනමාවට තේමාවූ අවස්ථා බොහෝය. කෝල්මාවු කෝකිලා ඊට තවත් නිදසුනකි. දකුණු ඉන්දීය සුපිරි තාරකාවක වන නයනතාරා ප්‍රධාන භූමිකාව නිරූපණය කරන කෝලමාවු කෝකිලා දැන් කොකෝ කෝකිලා ලෙසින් තෙළිඟු බසින්ද තිරගත කෙරේ. මේ තිරයේ සුදු චරිත රඟන නයනතාරාගේ පළමු කළු චරිතයයි. මෙහි ඇය රඟන්නේ පිළිකා රෝගී මවගේ දිවි බේරා ගැනීමට මත් ජාවාරම් කල්ලියකට එකතු වන දිළිඳු තරුණියකගේ චරිතයයි.
නෙල්සන් දිලිප් අධ්‍යක්ෂණය කළ දකුණු ඉන්දියාවේ වඩාත් ජනප්‍රිය තනු නිර්මාණ ශිල්පියකු සහ ගායකයකු වන අනිරුද් රවිචන්ද්‍ර (වයි දිස් කොලවරි ඩි ගීතයේ තනුවද ඔහුගේය) සංගීතය සම්පාදනය කළ කෝලමාවු කෝකිලා ප්‍රේක්ෂක විචාරක පැසසුම් මැද සාර්ථකව තිරගත කෙරේ. යොග් බාබු, සාරන්‍යා පොන්වානන් සෙසු ප්‍රධාන චරිත රඟති.
චම්පිකා දීපානි රණසිංහ