පාංශු චිත්‍රපටයේ ප්‍රථම ජාත්‍යන්තර දර්ශනය පසුගිය සැප්තැම්බර් 1 වැනිදා මොන්ට්‍රියෙල් ජගත් සිනමා උළෙලේදී පැවැත්වුනි.
එම අවස්ථාවට සිනමා නිර්මාණයේ අධ්යක්ෂ විසාකේස චන්ද්‍රසේකරම්, ප්‍රධාන රංගන දායකත්වය සැපයු නීටා ප්‍රනාන්දු ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.
සිනමාපටය ප්‍රදර්ශනය කිරීමෙන් අනතුරුව ඒ සම්බන්ධයෙන් සංවාදයක් ද පවත්වා ඇත.
එදින “පාංශු” නැරඹු ප්‍රේක්ෂකයෝ චිත්‍රපටයේ කථාව, අධ්‍යක්ෂණය හා රංගනය පමණක් නොව කැමරාකරණය, සංස්කරණය, සංගීතය හා කලා අධ්‍යක්ෂණය සඳහා ඉතාමත් යහපත් ප්‍රතිචාර දැක්වූ බවට වාර්තා වෙයි.