ද විසා(z)ර්ඩ් ඔෆ් ඔස්(z) සිනමාපටයේ රඟපෑ ජූඩි ගාර්ලන්ඩ් පැළඳි රූබි මැණික් කැට ඇල්ලු පාවහන් යුගලය වසර 13 කට පසු හමුවී තිබේ.
මිනසෝටා හි පිහිටි කෞතුකාගාරයකින් 2005 දී සොරාගෙන තිබු එම පාවහන් කුට්ටම නැවත හමුවී ඇතැයි ඇමරිකා එක්සත් ජනපද මාධ්‍ය වාර්තා කරයි.
4 අඟහරුවාදා පැවති මාධ්‍ය හමුවකදී බලධාරීන් ඒ බව ප්‍රකාශ කර ඇත.
සොරකම සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ඉදිරියටත් ක්‍රියාත්මක කෙරෙන බව ඔවුන් පවසා ඇති නමුත් ඒ ගැන වැඩිදුර විස්තර ලබාදී නැත.
1939 දී නිර්මාණය කළ ද විසා(z)ර්ඩ් ඔෆ් ඔස්(z) සිනමාපටය සඳහා ගාර්ලන්ඩ් භාවිත කළ අනෙකුත් රතු කැට පාවහන් යුගල තුන සුරැකිව ඇති බවට පැවසේ.
පාවහන් යුගලය තිබෙන තැන හෝ එය සොරාගත් තැනැත්තා පිළිබඳව තොරතුරු සපයන්නකුට ඩොලර් මිලියන එකක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට නම් සඳහන් නොකළ එක් පුද්ගලයෙක් වරෙක පවසා තිබුණි.
කෙසේ නමුත් සොරකමින් වසර 10 ක් ඉක්ම ගිය තැන එම මුදල් ත්‍යාගය ලබාදීමේ කාලය ඉකුත් වී ඇත.
සිනමා ඉතිහාසයේ වැඩි වටිනාකමින් යුත් භාණ්ඩ අතරින් එකක් ලෙස මෙම රතු කැට පාවහන් යුගලය සැලකේ.