මෙරට ටෙලි නාට්‍යය ක්ෂේත්රය තුළ පෙරලියක් කළ “කුඹියෝ” ටෙලි නාට්‍ය තිරපිටපත ග්රන්ථයක් ලෙස පාඨකයා අතරට පිවිස තිබේ.
ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි රචනා කළ අසංක දොඩන්තැන්න නිෂ්පාදනය කළ මෙම ටෙලි මාලාවේ තිර පිටපත Muses ප්‍රකාශන ආයතනයේ ප්රකාශනයක් ලෙස එළිදක්වා ඇත.
එම කෘතිය වෙනුවෙන් ලක්මාල් ධර්මරත්න සහ දමිත චන්ද්‍රසිරි පෙරවදනයි මේ,
“කූඹියෝ” තිරරචනය කියවීමට පෙර
මුලින්ම ඔබ එහෙන් මෙහෙන් අහල තියන ටික.....,
”කූඹියෝ” ඉස්සරලාම ලියන්න කියලා හිතුවේ 2011 වසරේ ය. එක්තරා නාලිකාවකට කොටස් 5 ක ටෙලි නාට්‍ය විකාශණය කිරීමේ උවමනාවක් තිබෙන බව මම එකල එකට වැඩකළ මහත්මයෙකුට නාලිකාව විසින් කියා තිබිණ. මොනවා හෝ රෙද්දක් කර චිත්‍රපටියක් හෝ ඊට සමාන යමක් කළයුතුය යන දැඩි අදහසක සිටි මට ''යකෝ මේක මරුණේ" කියල හිතුණා. අනික විනාඩි 22 ගානේ කොටස් පහක් කියන්නේ හරියටම වගේ චිත්‍රපටයක length එක. එහෙම හරි චිත්‍රපටියක් වගේ එකක් කරනවා කියලා මම හිතාගත්තා.
මම ලියන්නේ මොකද්දැයි දහ අතේ කල්පනා කළා. මං එහෙම මාර creative පොරක් හෝ මාර සිරා දාර්ශණිකයෙක් නෙවෙයි. එතකොට තමයි අපේ මල්ලි (ප්‍රගීත් ධර්මරත්න) දවසක් උගේ යාළුවෙකුගේ සිද්ධියක් විදියට කිව්ව ඔය මුලින්ම බස් එකේ "ජෙහාන්” ”හිරුණිව” බංගලාදේශ්කාරයෙක් කියලා අන්දවන සීන් එක මට මතක් උණේ. මං නිකමට ඒක ලිව්වා. ඉතිං ලියාගෙන යනකොට දැන් කෙල්ල බැස්සට පස්සේ මූ ලංකාවේ එකෙක් කියලා කොහොමද audience එකට තේරුම් කරන්නේ කියන ප්‍රශ්නේ ආවා. එතකොට තමයි ඉංග්‍රීසි බැරි ”ප්‍රියන්ත” කියලා පසුවට අඳුනාගත්ත චරිතය ඔතෙන්ට ආවේ. ඔහොම තමයි කූඹියෝ ලියන්න පටන්ගත්තේ. ඕකෙන් මම කොටස් පහක් ලිව්වා. එතකොට දමිතයයි මමයි චිත්‍රපටියක් කරන්න ජීවිතේ පූජා කරමින් හිටියේ. චිත්‍රපටියක් කරගන්න කීයක් හරි දෙනවනම් නිශ්පාදකවරයෙකුට පශ්චාත්භාගය උනත් පුදදෙන තැනටකට අපි පත්වෙලා හිටියේ (සුනාමි එනකොට විහාරමහාදේවි බිලිදුන්නා වගේ මම දමිතයව ලෑස්තිකරලා තිබ්බේ එහෙම කැපකිරීමකට)
ඒත් television වැඩක් කිව්ව ගමන් දමිතයා පුරුදු විදියට නටන්න පටන්ගත්තා. ”උඹට පිස්සුද...... යකෝ ඊට වඩා හො`දයි ?ඃ/්රඃඃ/((*්ර්ර*ෟ?ඃ/්‍ර*(ෆ (ලිවිය නොහැකි සිංහල)” වගේ කතා කියන්න ගත්තා. ඌ කොහොමත් එහෙම තමයි. ඇත්තටම මම සෑහෙන කාලෙකට පස්සේ දන්නේ දමිතයා හම්බවෙන්න ඉන්නකොට දමිතයලගේ අම්මා පඩිපෙළක සම්පූර්ණම පඩි ගාණෙන්ම වැටිල තියන බව, සිරාවටම.
ඒ කොටස් පහේ වැඩේ කෙලවිලා ගියා. අපි කරන්න ගිය වැඩ මොකක්වත් මොකෙකුටවත් සෙට්වෙන්නේ නැති බව අපිටම තේරුණා.
”දෙබස් පවර්ෆුල් මදිනේ මල්ලි....” (උං හෙණ ආසයි ඈත බලාගෙන හෙණම අමාරුවෙන් කතාකරන වචනවලට)
”මේක ආටිස්ටික් නෑ නේද....” (උං artistic කියන්නේ අර ඉහල තියන dialogues කියන ගමන් දඩාර wide shots තියෙන්න ඕනේ. ඊළගට edit කරපු එකාගේ අම්ම මතක්වෙන ගානට එනකල් තනි shot එකක ඔහේ තියෙන්න ඕනේ. අනික කෙල්ලයි කොල්ලයි සෙල්ලම කරනකොට අරලිය මල් වැටෙනවා, තිර රෙදි හුළගේ යනවා, කෙල්ල දූෂණය කරන්නට ඇමතිගේ ගෝලයන් උස්සාගෙන ගිය විට පහනේ දැල්ල නිවෙනවා වගේ සංකේතරූප (metaphors) තියෙන්න ඕනේ. එහෙම නැත්තං කිසිම තේරුමක් නැති මූලික කතාවට අදාලම නොවන අමුතු shots ටිකක් තියෙන්න ඕනේ. නිකං ජෙහානුයි හිරුණියි Galle-face එක අයිනේ කතා කර කර ඉන්නවා වගේ scene එකක් එක්ක එළදෙනෙකුගෙන් කිරිදොවනවා වගේ අදාලම නැති එකක් edit වෙන්න ඕනේ. දැං මේක කියවන උඹලත් ටක් ගාලා ඒ දෙක link කරලා තේරුමක් හදාගන්න try කරනවා නේද.....? අන්න ඒවා තමයි artistic කියන්නේ අපේ රටේ පොරවල්*
”ඔයගොල්ලෝ කලිං මොනවද කරලා තියෙන්නේ....” (නියපොතු වවලා තියනවා, මුද්දර එකතු කරලා තියනවා, අම්මට මිදුල් එහෙම අතුගාල දීලා තියනවා, ලෝක දේශපාලනය සහ ලෝක සිනමාව පිළිබඳව අම්මටසිරිවෙන අදහස්, බීල කියලා තියනවා, අනුන්ගේ කෙල්ලෝ දිහා ආසාවෙන් බලාගෙන ඉඳලා තියනවා..... වගේ ඒවා තමයි)
”මල්ලිලා ඔය හිතන විදිය ලංකාවට සෙට්වෙන්නේ නෑ මල්ලි....”
( ඕක කියපු අයියගේ නම මට කියාගන්න බෑනේ..... ෂික්. මේක TV එකේ යනකොට ඌම මට කෝල් කරලා කියනවා, ඌ දැනගෙන හිටියලූ අපි දෙන්න කවදහරි මේ රටේ මාර වැඩක් කරනවා කියලා..... අනේ හුකේ....)
”දැංවත් ජොබ් එකක් කළොත් නරකද....?” (ඇත්තටම නරක නෑ..... ඒත් මොනවද කරන්නේ, අඩුම පිළිවෙලකට පාරක් අතුගාන්න අපි දන්නෑ.....)
මේ වගේ කතා ඇහෙන වාර ගාණ මාසවලින් සතිවලටත්, සතිවලින් දවස් වලටත්, දවස්වලින් පැයවලටත් මාරුවුණා. ඇත්තටම අපි අනාතවෙලා හිටියේ. ඔය අතරේ කිසිම බයක් නැතුව, අතේ සත පහක්වත් නැතිව මම චමරිව බැන්දා. දැන් චමරි මාව බලාගන්නවා, මොකද එයා සැලකිය යුතු පඩියක් හම්බවෙන රස්සාවක් කරමින් හිටියේ. චමරි මාව බලාගන්නකොට automatically දමිතයවත් බැලෙනවා. මොකද මූ මං එක්කමනේ. කොහොමත් චමරියි මමයි බඳිනකොට එයාට අවුරුදු 35 ක දරුවෙක් ලැබුණා.... මේ අපේ දමිත.
"දැං මේ ගෑනිගෙන් කකා ඉන්න බෑනේ බං වෙන කරන්න දෙයක් නෑ මේක ලියමු ටෙලිිනාට්යකට. ඔය මැණික්කාරයෝ එහෙම හොඳට වියදම් කරනවා.”
..... කියලා මම අමාරුවෙන් දමිතයව කැමති කරගත්තා. (ඇත්තටම අසංක අයියා මේක නිශ්පාදනයට කැමතිකරගන්න මූව මේක ලියන්න කැමතිකරගන්න තරම් effort එකක් මම දුන්නේ නෑ). අන්තිමට අපි දෙන්නා අවුරුදු දෙකක්ම මේක ලිව්වා. ඉතිරිය හැමෝම දන්නවා.
දැන් පිටපත ගැන,
”කූඹියෝ” හෙණ මාර වැඩක් හෝ මාර පිටපතක් නෙවෙයි කියලා අපි දන්නවා. ඒත් ඇත්තටම මේකට ආදරේ කරන මාර පිරිසක් මේක වටේට එකතුවුණා. ඊට පස්සේ හුඟ දෙනෙක් විවිධ විදිවලට පිටපත ඉල්ලා හිටියා. සමහරෙක් මේක නවකතාවක් කරමු කියලත් කිව්වා. ඒත් අපි හිටියේ ඊට වඩා වෙනස් තැනක. නමුත් ඉල්ලීම් දිගින් දිගටම ආව නිසාත්, රූප-ශබ්ද මාධ්‍යය සහ ගද්‍ය රචනාවක් අතර තියෙන වෙනස සෑහෙන්න දැනෙන එකක් නිසාත්, මේ ඉල්ලන අයත් නොඉල්ලන නමුත් අවශ්‍ය අයත් වෙනුවෙන් ”කූඹියෝ” ගද්‍ය පිටපත එළියට දාමු කියන අදහස මුලින්ම මට දුන්නෙත් දමිතයාමයි (පාඩු ලබන නාට්‍යයට කීයක් හරි හොයාගැනිල්ලත් මේකෙම නෑ කිව්වොත් බොරු ඉතිං). ඇත්තටම අදටත් කියවීම කියන එක මට තියෙන්නේ සිනමාවට වඩා සෑහෙන්න ඉස්සරහින්. මොකද අදටවත් රුසියාව දැකල නැති මම ඉස්කෝලේ පුස්තකාලේ තිබ්බ රුසියන් පොත් කියවලා ඔලුවේ හදාගත්ත රුසියාව මට තවම මාරයි. කියවීමෙන් ලැබෙන හෙණ මාර විදග්ධ මෙව්වා එකට වඩා මම කියවීමට ආසා ඒ අත්දැකීම තනිකරම මගේ විදියක් මගේ වටපිටාවක් මම ආසාකරන තත්වයකට අනුගත කරගන්න මට පුළුවන් වීම නිසයි. හැබැයි ඒ ආතල් එක ගන්න පුළුවන් ”කූඹියෝ” නොබලා කවදාහරි මේක කියවන කෙනෙකුට විතරයි. ඉතිං අපි සංස්කරණයකින් තොරව (පොඞ්ඩක් එහෙ මෙහෙ කරලා නෑ කිව්වොත් බොරු ඉතිං) ”කූඹියෝ” මුල් පිටපත මෙලෙස නිකුත්කරනවා.
දැන්.... නාට්‍ය බලපු අපි ඒක ආයෙම පොතක් විදියට ගන්නේ ඇයි....?, අපිට පිස්සු ද....? කියා ඔබට සිතුණානම්....
x මේක කියවන විට, පිටපත සහ රූගත කිරීම අතරතුර කොපමණ දේ වෙනස්වී තිබෙනවා ද යන්න ඔබට මූලිකවම තෙරුම් යනු ඇත. උදාහණයක් ලෙස ජෙහාන් කාර් එක පැන්නීම පිටපතේ තිබෙන ආකාරය සහ රූපගත කර තිබෙන ආකාරයෙහි වෙනස ඔබට වෙනස් අත්දැකීමක් වනු ඇත. එමෙන්ම දර්ශණ තලයේ දී යම් යම් වෙනස්කම් කිරීමට ගොස් අප විසින් අග මුල පටලාගත් අවස්ථා ද මේ පිටපත සමඟ ටෙලි නාට්‍යය එකට ගෙන බැළුවහොත් ඔබට තේරුම් යනු ඇත.
x නාමාවලිය අපි මුල් පිටපතේ තිබුණ අයුරින් එලෙසම මෙහි තබා ඇත. මුලින්ම ඉතා ආතල් කතාවක් ලෙස අප මෙය සැලසුම්කරගෙන තිබුණ ද, පිටපත වර්ධනය වී යද්දී එය එසේ නොවන බව අපටම තේරුණි. ඉතිං අපි සම්පූර්ණ නාට්‍යට ගැලපෙන ලෙස ඔබ විකාශනයේ දී දුටු නාමාවලිය දක්වා මෙය වෙනස්කළ ද තවමත් මුලින්ම අප ලියූ නාමාවලියට මමත් දමිතයාත් මාර කැමති ය. දෙවනවර නාමාවලියට "චෙස්" ගේම් එකක් පාවිච්චි කළේ ඇයි දැයි බොහෝ දෙනා මගෙන් සහ දමිතයාගෙන් අසන නිසාම,
ක්‍රීඩාවක් ලෙස චෙස් යනු එහෙම්පිටින්ම බුද්ධිය සහ අත්දැකීම් එකිනෙකා මත සමපාත වෙමින් කරන ක්‍රිඩාවකි. මූලිකව සැලසුමක් තිබුණද අනෙකාගේ පියවරයන් සමඟ ඔබට ඔබේ සැලසුම අවස්තානුගතව වෙනස් කිරීම (improvise) කළ යුතුය. මුළු ගේම් එක පුරාම ඔබට විවේකයක් නැත. එක්කෝ ඔබ අනෙකාගේ රජු (king) කුජීත කළ යුතුය (checkmate). එසේ නැත්නම් නිසැක වශයෙන්ම ඔබේ රජු කුජීත වනු ඇත. හැබැයි ගේම් එක ඒක ය. මේ නාට්‍ය පුරා ජෙහාන් දෙයියන් මෙන් සියල්ල ජෙහාන්ට ඕනෑ ලෙස විසඳා ගන්නවා නේ දැ යි ඇසූ බොහෝදෙනාට කීමට ඇත්තේ (තරහින් නෙවෙයි ආදරයෙන්) චෙස්වලින් හිතන්න කියා ය. ඇත්තටම ජෙහාන්ට බොහෝ තැන් වරදියි. එහිදී ඔහු මූලික සැලසුම එලෙසම තබාගෙන තම සැලසුම් අවස්ථානුගතව වෙනස් කරයි. ඒ ඕනෑම අවස්ථාවක දී එය එලෙසම සිදුනොවීමට සියයට පණහක සම්භාවිතාවක් හැමවිටමකම ඇත. උදාහරණයක් ලෙස හිරුණි යනු ජෙහාන් වැනි ගේම්කාරයෙකුගේ ජීවිතේ දී සිදු නොවිය යුතු mistake එකකි. ජෙහාන් ඇය ඉදිරියේ තමන් වසාගෙන සිටින කටුවෙන් එළියේ සාමාන්‍ය එදිනෙදා ඔහුගේ වයසේ සාමාන්‍ය මිනිහෙක් බවට පත්වෙයි. හැබැයි හිරුණි කවදාවත් ජෙහාන්ව පාවා දෙන්නේ නැත (ඒක තමයි හැබෑ ජිවිතෙයි director කෙනෙක් ඉන්න ටෙලිනාට්යයකයි තියන වෙනස)
x ඊළඟට මේකේ සංගීතය. අපි මූලිකව ළමා ගීත කේනද්රකරගෙන තමයි මේකේ සංගීතය ගැන අදහසක් හදාගත්තේ. ඉතිං ඔබ පිටපත කියවාගෙන යනකොට අපි පාවිච්චි කරලා නැති ළමා ගීත කිහිපයක් තැන් තැන් වල සඳහන් කරලා තියනවා අහුවෙයි. උදා - "බෝනික්කා තරහවෙලා" හිරුණිගේ හා ජෙහාන්ගේ ගැටුමෙන් පසුව ප්‍රියන්තත් ජෙහාන්ව අතෑරලා යන්න හදපු දවසට පහුවදා උදේ තියන ජෙහාන්ගේ තනි montage එකට මට මේ අපූරු ළමා ගීතය මාර විදියට feel උණා. ඒත් මට දැන් මතකවත් නැති මොකක් හෝ හේතුවකට ඒක උණේ නෑ. දැන් ඔබේ නිර්මාණශීලී මනස ඇතුලේ අචලගේ රළු ගැඹුරු හඬින් පොඩි rock tone එකකින්.....
”බෝනික්කා තරහවෙලා
පොල්කටු ටික බිමවැටිලා
මගේ සෙල්ලම් ගේ කැඩිලා
කරදර මට ගොඩගැහිලා”
ගායනා කරමින් එම montage එක කියවන්න.
x ඊළඟට වැදගත්ම දේ තමයි දර්ශණ තල. මූලිකව පිටපත ලියනකොට අපට මූලික දර්ශණ තලය ගරාජ් එකක් උණාට ඒක හරියටම තියෙන්නේ කොහෙද වගේ අදහසක් තිබ්බේ නෑ. නමුත් ඒක කොළඹ මැද කියන අදහස අපිට තිබ්බා. ඉතිං දර්ශණ තල හොයාගෙන යනකොට ඇඩම්ස් අපිව මාළිගාවත්තේ පැරණි දුම්රිය පාලම උඩට අරගෙන ගියා. ඒක උඩින් යන්න පුළුවන් එකම ක්‍රමය පයින්. ඉතිං ප්‍රියන්තයි ජෙහානුයි ඒක උඩින් පයින් යනවනම් ”ගැරජ්” එක තියෙන්න ඕනේ ඒ ළඟක නිසා දමිත හරි නිර්මාණශීලී විදියට ප්‍රධාන දර්ශණ තලයේ සිදුවීම්වලට යටින් දුම්රිය ගමන් කරන ශබ්දය යෙදුවා. ඒකෙන් දර්ශණ තලය මාරම ඇත්ත උණා. (මොකෙක්වත් වෙලාවට ඇහුවේ නෑ යකෝ මුං මේච්චර ස්ටේෂන් එකක් ළඟ ඉඳලා එක දවස් කෝච්චියේ යන්නේ නැද්ද කියලා වෙලාවට..)
අනික හුඟක් දර්ශණ තල උණත් මූලික පිටපතෙන් එළියට ගියපු අවස්ථා ඔබට ඕනේ තරම් හම්බවෙයි. අවධානයෙන් කියවන්න.
x අනික් වැදගත්ම දේ තමයි කුණුහරප. සමහරක් තැන්වල මූලික පිටපත ලියනකොට කුණුහරප අපි අතින් ලියවෙලා තියනවා. මොකද ස්වාභාවිකව අපි කුණුහරප කියන මිනිස්සු. නමුත් මූලිකව තිබෙන එකඟතාවයන් උඩ ලංකාවේ මාධ්‍යයන් කුණුහරප විකාශනය කරන්නේ නෑ. ඉතිං ඒක නිසා රූපගතකරනකොටම අපි කුණුහරප අයින් කරලා තමයි shoot කළේ. නමුත් ගද්‍ය රචනයකදී එය අදාළ නොවන නිසා මූලික පිටපතේ කුණුහරප තියෙන තැන් අපි ඒ විදියටම තිබ්බා.
x සමහර වෙලාවට ඔබ ටෙලිනාට්‍ය බලපු කෙනෙක්නම් මේ දර්ශණයේ මේ දෙබස් කිව්වේ මෙයා නෙවෙයිනේ වෙන එකකෙනෙක්නේ වගේ කිහිප අවස්ථාවක් ඔබට හමුවෙනු ඇති. ඒ බොහෝ ඒවා අවස්ථානුගතව අප කළ වෙනස්කම්. මම සහ දමිත එක්ක ලියූ පිටපත් නැවත මම විසින් අධ්‍යක්ෂණය කරනකොට සිදුවන ”යම් යම්” වෙනස්කම් තමයි ඒ. සමහර ඒවා ඉතාම සවිඥානිකව පිටපතේම ඉදිරි අවශ්‍යතා අනුව අප විසින් කළ වෙනස්කම්ය. උදා - දර්ශණ කිහිපයක් කෙලින්ම ජූඞ් නැමති චරිතය වෙනුවට පොකට් ගුණේ චරිතය පාවිච්චි කර ඇත. මෙම පිටපතේදී ඒවා නිවැරදි නොකරමින් ඔබට දෙන්නේ එය ඔබටද අලුත් අත්දැකීමක් වේ යයි අප විශ්වාස කරන නිසාය.
x ඊළඟට රූගත නොකළ නමුත් පිටපතේ තිබුණ දර්ශණ කිහියක් මෙහි එලෙසම ඇත. මීෂා software එක හැදීමට ආපසු ඔහු වෙනුවෙන් AC කාමරයක් හදාදෙන ජෙහාන්ගේ හා ප්‍රියන්තගේ දර්ශණය විනයක් නැතිව කාල වේලා නොතකමින් රූගත කරන අධ්යක්ෂවරයාට දඬුවමක් ලෙස දමිත, චාමර, දිලංක ඇතුළු නිශ්පාදන කණ්ඩායම විසින් කපා හරින ලදී. ඇත්තටම ඊට එහෙම්පිටින්ම වගකිව යුතුවන්නේ අධ්‍යක්ෂවරයාය. ඉතිං ඒ දර්ශණ කිහිපය එලෙසම මෙහි ඇත.
එමෙන්ම ජෙහාන්ගේ සිදුවීම්වලට අදාළව උසාවියක් තුළ දර්ශණයක් මූලික පිටපතේ තිබූ නමුදු එයට වැයවන විශාල පිරිවැය ගණන් බලා අසංක අයියා සම්බන්දවීමට පෙර සිටම අප මූලික අදියරේම එම දර්ශණය රූගත නොකර සිටීමට තීරණය කළෙමු. එබැවින් එය මූලික මට්ටමෙන් එහා වර්ධනය නොවූ අතර එය ඒ තත්වයෙන්ම අපි මෙහිද තබා ඇත්තෙමු.
අවසානයේ ස්තුතිය
මමත් දමිතත් පටන්ගත්ත ද අවසන මෙය බොහෝ සහෝදර නිර්මාණකරුවන් පිරිසකගේ උත්සාහයක් ලෙස ඔබ වෙතට ටෙලිනාට්‍යයක් ලෙස ආවේ ය. ඔබ එය රසවින්දේය. ඉතිහාසයේ ප්‍රථම වතාවට නිර්මාණයේ ඉදිරිපස පිරිසට එහායින් එහි තිරය පසුපස පිරිස ගැන විශාල කතාබහක් Facebook වැනි සමාජ මාධ්‍යවල ”කූඹියෝ” නිර්මාණරුවන් පිළිබඳව ඇතිවිය. (මෙය බැරිවෙලාවත් ඔබ කියවන්නේ 2050 වැනි වර්ෂයක නම්, ඒ වනවිට Facebook කියන එක නැත්තං ”පුතේ එහෙම මාර එකක් එකල තිබූ බව Wikipedia වැනි එකක් ඔස්සේ හොයාගන්න”)
නිශ්පාදක අසංක දොඩන්තැන්න සහෝදරයා මෙහි රචකයන් විදියට අප දෙදෙනාගේ නොමද ආදරයට හා ස්තුතියට සදාකාලිකව පාත්රවෙයි. ඔබ මෙය කියවන යම් කාලයක අපි සහ අසංක බැරිවෙලාවත් මරණෙට මගුලට සහභාගි නොවන ගාණට තරහා වී සිටිය ද ඔහු සදාකාලිකව මේ පසුපස සිටි නිහඬ සෙවනැල්ලය.
ඊළඟට අපේ නිශ්පාදන කණ්ඩායම ය. මේ ස්තුතිය ටෙලිනාට්‍යය වෙනුවෙනි. අපට සංග්‍රහ කළ නිමල් අයියාගේ සිට නිශ්පාදන සම්බන්ධීකරණය කළ චාමර කොඩිතුවක්කු දක්වා සහෝදරවරුන්ට අපගේ ගෞරවය මේ සමඟ පිරිනැමෙයි. පසුපිටේ ටෙලිනාට්‍යයයේ නාමාවලිය දක්වා තිබෙන අතර එහි සියළුදෙනාගේ නම් සඳහන් කර ඇත.
මේ කිසිම තැනක නොකියවුණු නම් දෙකක් මේ සමඟ ඉතිහාසයට එකතු කරමි. මේ පිටපතේ කොටස් පහලොවක් පමණ ලියා අප දෙදෙනා මෙය අත ඇරදමා ඉන්නා විට අහම්බෙන් මෙය කියවා වහාම මෙය ලියන ලෙසත්, මේ වැඩේ පට්ට බවත්, හෙට උදේ වන විට තමන් නිශ්පාදකවරුන් නහුතයකට කතා කරන බවත් කියා අපව උන්නදු කළ තිස්ස සුරේන්ද්‍ර අපගේ සහෝදරයා පළමුවැන්නා ය. තිස්සයා දුන්න හයියෙන් මමත් දමිතත් තවත් කොටස් පහලොවක් පමණ ලීවෙමු. ඉතිං තිස්ස නිශ්පාදකලා හෙව්වාදැයි මෙය කියවන ඔබට සිතෙනු ඇත. හිතවතුනි තිස්සයාගේ දින දර්ශණයට අනුව පහුවදා යනු වසර අටකට, දහයකට පමණ එකවරක් උදාවන දවසක් බව ඌ ගැන දන්නෝ දනිති. නමුත් විසිකර තිබුණ මෙයට මුල්ම හයිය ගෙනාවේ තිස්ස ය. අනෙක් කෙනා ජ්‍යෙෂ්ඨ (ප්‍රවීන කියන වචනේ අපේ රටේ ”චී” වෙලා තියන නිසා) චිත්‍රපට අධ්‍යක්ෂක ප්‍රසන්න විතානගේ ය. කළණ ගුණසේකර විසින් මේ පිටපත ප්‍රසන්න අයියාට පෙන්වීමෙන් පසුව, අප දෙදෙනාට මාරම හයියක් දුන්නේ ප්‍රසන්න අයියාය. ඔහු විසින් එවකට ඔහුට සබඳතා තිබුණ නාලිකාවකට මෙය රැගෙන ගිය අතර දිගින් දිගටම මේ වැඩේ පට්ට කියමින් මට ධෛර්යය ද දුන්නේ ය. ඒ නාලිකාවේ වැඩේ හරි නොගිය ද, මේ වැඩේට අපේ බය නැතිකළේ ඇත්තටම ප්‍රසන්න අයියා ය. මම මෙය ටෙලිනාට්‍යය විකාශනය වන කිසිම අවස්ථාවක නොකිව්වේ ”අන්න අරුං ප්‍රසන්නගේ නැට්ටේ එල්ලිලා දිව්‍ය ලෝකේ යන්න හදනවා” කියන කුණුහරප කතාව අහගැනීමට තිබූ අකමැත්තටම ය. නමුත් මේ ලේඛණය සමඟඔහු ”කූඹියෝ” තුළසදා මතකයක රඳවමි.
හතර අතේ ටෙලිනාට්‍ය විකුණාගැනීමට දිවූ මටත්, දමිතටත්, අසංකටත් මෙම නිර්මාණය එළියට දැමීමට හැකිවූයේ ස්වාධීන රූපවාහිනී ආයතනය මෙය විකාශනය කිරීමට එකඟවූ නිසාවෙනි. මෙතැන් සිට ඉතිහාසට එකතුවන මේ ලියවිල්ලට මම එවක ස්වාධීන රූපවාහිනී සභාපති වූ සමන් අතාවුදහෙට්ටි මහත්මයා ද, අධ්යක්ෂ ජෙනරාල් චන්දන තිලකරත්න මහතා ද, මමත් අසංකත් දුන් අසාමාන්‍ය පීඩනය මැද අප සහ ස්වාධීන රූපවාහිනිය අතර සම්බන්ධීකරණය පැවැත්වූ ක්‍රියාකාරී අධ්යක්ෂ විමල් කැටිපෙආරච්චි මහතාවද, කිසිඳු තැනක හරියට නම නොකියවුණු නමුදු දුරකථනයෙන් අමතමින් කවුරුත් ”කූඹියෝ” ගැන නොදන්නා වෙලාවක දී අප උන්නදුකරමින් වෙහෙසවූ ශ්‍යාමා ජයසිංහ මහත්මිය ද ආදරයෙන් සිහිපත් කරමු.
ඉතිං හිතවතුනි දැන් මෙය කියවීමට ඔබට බාර ය.
ස්තුතියි
ලක්මාල් ධර්මරත්න (ලකා)
දමිත චන්ද්‍රසිරි
(මෙම ලියවිල්ලේ මම යනුවෙන් තියෙන්නේ ලකාද, අපි යනුවෙන් තියෙන්නේ අපි දෙන්නාමද වන අතර හැමදාම මෙන් අත රිදෙන තුරු මා ලියූ අතර කකුල්දෙක උඩදාගෙන ඌ වැරදි පෙන්නුවේය)
2018 - අගෝස්තු”