සිනමාපට ප්‍රති නිර්මාණය වීම සුලබය. ‘ගෝධි බාන්නා සාධාරණ නිකත්තු නිකත්තු‘ කන්නඩ සිනමා පටයේ ප්‍රති නිර්මාණයක් වූ 60 වයධු මානිරම් මේ දිනවල තිරගතවන ඇගයුමට ලක් වූ සිනමා පටයකි.
60 වයධු මානිරම් කතාව ගෙතී ඇත්තේ 60 හැවරිදි මහාචාර්ය ගෝවින්ද රාජ්ම් සහ ඔහුගේ පුතු ශිවා කේන්ද්‍ර කරගනිමිනි. මතකය අහිමි කරන රෝගයක් වූ ඇල්ෂයිමර් රෝගයෙන් පෙළෙන 60 හැවිරිදි ගෝවින්ද රාජන් සාත්තු සේවා මධ්‍යස්තානයකට ඇතුළත් කර තිබිණි. දිනක් ශිවා පියාට කමිසයක් රැගෙන දීමට මධ්‍යස්ථානයෙන් පිටතට රැගෙන ආ විට ඔහු ඇඳුම් තෝරද්දී පියා අතුරුදන් වී ඇති බව දැනගනී. ශිවා උපස්ථායක වෛද්‍යවරිය සමඟ පියා සොයා යයි.
මහාචාර්යවරයා අහම්බෙන් මිනීමරුවකුගේ වාහානයකට ගොඩ වීම නිසා මෙසේ ශිවාගෙන් මඟහැරිණි. සිනමාපටය කතා පෙළකි.
පිය පුතු සබඳතාව, අපරාධ ලෝකය ශිවා සහ උපස්ථායක වෛද්‍යවරිය අතර ඇතිවන ප්‍රේමය එම කතා පෙළට විෂය වේ. මහාචාර්ය ගෝවින්ද රාජන් ලෙස ප්‍රකාශ් රාජ් ද ඔහුගේ පුතු ශිවා ලෙස වික්‍රම ප්‍රභූ ද උපස්ථායක වෛදයවරිය ලෙස ඉන්ද්රජා ද රංගනයෙන් දායක වී ඇත. මෙය රාධා මෝහන් ගේ අධ්‍යක්ෂණයකි. සිනමා පටයේ ප්‍රකාශ් රාජ් ඇතුළු සියලු නළු නිළියන්ගේ රංගනයට සහ හැඟිම්බර කතාවට ප්‍රේක්ෂක විචාරද නොමඳ පැසසුම් ලැබමින් පවතී.
සිළුමිණ