61 වැනි වරටත් සංවිධාන කෙරෙන රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය 11 වැනිදා එනම් හෙට පස්වරු 3.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වේ.
ශ්‍රී ලාංකේය සාහිත්‍ය ක්ෂේත්රය ස්වකිය නිර්මාණ දායකත්වයෙන් පෝෂණය කළ ලේඛක ලේඛිකාවන් එහිදී රාජ්‍ය සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලැබීමට නියමිත ය.
ඒ අනුව 2017 වසර තුළ සිංහල, දෙමළ හා ඉංග්‍රීසි යන භාෂා ත්‍රිත්වයෙන් ප්‍රකාශිත විශිෂ්ටතම නිමාණාත්මක ග්රන්ථ හා ශාස්ත්‍රිය ග්රන්ථ රචනා කළ ලේඛක ලේඛිකාවන් එහිදී ඇගයීමට ලක්වනු ඇත.
රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සංවිධානය කෙරේ.