61 වැනි රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ ප්‍රධානත්වයෙන් ඊයේ (11) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්විණි.
රාජ්‍ය සාහිත්‍ය උපදේශක මණ්ඩලය, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව හා උසස් අධ්‍යාපන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම රාජ්‍ය සාහිත්‍ය සම්මාන ප්රදානෝත්සවය සංවිධානය කරන ලදී.
එහිදී සිංහල අංශයෙන් රාජ්‍ය සම්මාන ලැබූ කෘති,
හොඳම ස්වතන්ත්‍ර නවකතාව - “යකඩ සිල්පර” විමල් උදය හපුගොඩආරච්චි
හොඳම ස්වත්රන්ත්ර කෙටි කතා සංග්‍රහය - “ගිහින් එන්න කානිවල්” සුමුදු නිරාගි සෙනෙවිරත්න
හොඳම ස්වත්රන්ත්ර පද්‍ය සංග්‍රහය - “ගිරිමුදුන මගේ නිවහන” සුනිල් විජේසිරිවර්ධන
හොඳම ස්වත්රන්ත්ර ගීත රචනා සංග්‍රහය - “සඳකත්මිණ” සුනිල් සරත් පෙරේරා
හොඳම ස්වත්රන්ත්ර නාට්‍ය කෘතිය - “සොක්රටීස් ඔපෙරා පිටපත” එරික් ඉලයප්ආරච්චි
හොඳම සිනමා හා රූපවාහිනී නිර්මාණ සාහිත්‍ය කෘතිය - “වැලිකතර තිර රචනය” තිස්ස අබේසේකර
හොඳම පරිවර්තන නවකතාව - “මුහුද යට දිවයින” නිලූකා කදුරුගමුව
හොඳම පරිවර්තික කෙටිකතා සංග්‍රහය - “අලූත් මනාලයා” උපාලි ලීලාරත්න
හොඳම පරිවර්තික නාට්‍ය කෘතිය - “තට්ට ගායිකාව” කංචුකා ධර්මසිරි ලොහාන් රණවීර
හොඳම පරිවර්තික යොවුන් සාහිත්‍ය කෘතිය - “ඉරි ඇඳුමේ සැඟවුණ කඳුළ” සීතා මහේන්ද්‍ර
හොඳම යොවුන් සාහිත්‍ය කෘතිය - “හිඹුටුදෙනිය කඳු පාමුලින්” පියසිරි මාතරගේ
හොඳම පිට කවර නිර්මාණය - “121110 වැලිකඩ” සංජය ඈපා සෙනෙවිරත්න