ප්‍රවීණ නාට්‍යවේදී නාමෙල් වීරමුණිගේ නවතම වේදිකා නාට්‍යය නිර්මාණය ‘රාවණසීතාභිලාෂය’ ඔක්තෝබර් 4, 5 සහ 6 යන තෙදිනෙහි වේදිකා ගත කිරීමට නියමිත ය.
ඒ නාමෙල් - මාලිනී පුංචි තියටර්හිදී ය.
මහාචාර්ය ජේ.බී. දිසානායක රචනා කළ “රාවණ” ගීත නාටකයෙන් කොටසක් සහ නාමෙල් වීරමුණි විසින් රචනා කළ කොටසක් එක් කරගනිමින් මෙම සංගීතමය නාටකය නිර්මාණය කර තිබේ.
සුරංගි කෝසලා, රජිත, චමින්ද මිරිහාගල්ලගේ, නිහාරි වික්‍රමආරච්චි, නිලක්ෂි හැලපිටියත්, කසුනි, සමන් ලියනාරච්චි, ගුවනි උවින්ද්‍යා, සුගත් මෛත්‍රී, මහේෂ් රාජගුරු, අමිත් කුමාරසිංහ, නිශාන්ත අජිත්, දර්ශන, මංජුල, දසුන්, තරංග, රවිඳු, අකංලක, දේව්මිණි, චාමිනි, කෞෂි, තරුෂි, පුර්ණි, ඉසුරු ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් විසි දෙනෙකු පමණ ‘රාවණසීතාභිලාෂය’ වෙනුවෙන් රංගන දායකත්වය සපයති.
ජයන්ත අරවින්ද සහ ලයනල් ගුණතිලක මෙහි සංගීතය නිර්මාණය කර තිබෙන අතර වාදක මණ්ඩලය ලෙස චන්දන, නිරෝෂන්, මහේන්ද්‍ර, චානුක කටයුතු කරන කරනු ලබයි.
නර්තන නිර්මාණය සිදු කරන ලද්දේ අකිල පලිපහන විසිනි.
‘රාවණසීතාභිලාෂය’ සඳහා ඇඳුම් නිර්මාණය ජගත් කොස්මෝදර හා මාලිනී වීරමුනි, ඇඳුම් සැකැස්ම මනෝමන්ජරී, රංගාභරණ ලයනල් බෙන්තරගේ, වේශ නිරූපණය චාමර අනුදත්, වේදිකා ආලෝකකරණය පභාත් මනෝහර, වේදිකා පරිපාලනය සමන් ලියනාරච්චි, වේදිකා සහය මාලී ජේම්ස්, ශ්‍රියානි රූපසිංහ විසිනි.