“ද ඕවර්ටෝන්ස්” නම් ඩූ-වොප් සංගීත කණ්ඩායමේ ප්‍රධාන ගායකයා ලෙස කටයුතු කළ ටිමී මැට්ලිගේ මරණය මත්ද්‍රව්‍ය සම්බන්ධ අනතුරක් නිසා සිදු වූ බවට මරණ පරීක්ෂකවරයා අවසන් තීන්දුව ලබා දී තිබේ.
36 හැවිරිදි ඔහු අයිස් (crystal meth) නම් මත්ද්‍රව්‍ය භාවිත කර සිටියදී නැගෙනහිර ලන්ඩනයේ පිහිටි මහල් නිවසක 13 වැනි මහලේ බැල්කනියෙන් ඇද වැටීම නිසා පසුගිය අප්‍රේල් මාසයේ දී සිය ජිවිතයෙන් සමු ගත්තේ ය.
අයර්ලන්ත ජාතික මෙම ගායකයා සිය මිතුරකුගේ නිවසට පැමිණ ඔහුගේ නිවසේ බැල්කනියේ සිට මෙම මත්ද්‍රව්‍ය පාවිච්චියට ගෙන ඇති අතර දොර අගුලු වැටීම නිසා පහලට බැසීමට යාමේදී ඇද වැටීමෙන් ඇති වූ බරපතල තුවාල නිසා ජිවිතක්ෂයට පත්ව ඇත.
මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් “ද ඕවර්ටෝන්ස්” කණ්ඩායමේ සාමාජිකයන් සඳහන් කර ඇත්තේ “අපේ දක්ෂ, සුන්දර, සහෝදරයෙක් වගේ සිටි ටිමි හරිම ආදරණිය චරිතයක්. ඒ වගේම ඔහු නැති අඩුව අපිට තදින්ම දැනෙනවා,” යනුවෙනි.