ටවර් හෝල් රඟහල පදනම යටතේ ස්ථාපිත කර තිබෙන කලාකරුවන්ගේ සුභසාධක අරමුදල හා ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් ලබාදෙන මාසික දීමනාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.
මෙරට දේශීය නාට්‍ය හා රංගකලාවට අනුපමේය සේවාවක් ඉටු කළ ප්‍රාසාංගික කලාකරුවන්ගේ සහ ටවර් හෝල් ශිල්පීන්ගේ වෘත්තීය සුභසාධනය වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනම යටතේ ස්ථාපිත කර තිබෙන කලාකරුවන්ගේ සුභසාධක අරමුදල හා ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි ජීවිතයේ සැදෑ සමය ගෙවන කලාකරුවන් 179 දෙනකුට ඒ අනුව මෙම දීමනාව ඉහල නැංවෙනු ඇත.
2018 සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක වන පරිදි එම මාසික දීමනාව රු: 1000/- කින් වැඩි කිරීමට ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සභාපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් භාරකාර මණ්ඩලය තීරණය කර ඇතැයි ටවර් හෝල් රඟහල පදනම අවධාරණය කරයි.
එසේම රජය පසුගිය අයවැයෙන් වෙන් කර තිබෙන රුපියල් මිලියනක මුදලින් ටවර් හෝල් ප්‍රාසාංගික කලාකරුවන්ට සෞඛ්‍ය රක්ෂණ ආවරණයක් ලබා දීම සඳහා මූලික කටයුතු සිදු වෙමින් පවතින බවද ටවර් හෝල් රඟහල පදනම වැඩිදුරටත් පවසයි.