ප්රවීන සංගීතවේදිනි අමරා රණතුංග අභාවප්රාප්ත වෙයි
මෙරට ප්රථම සංගීත මහාචාර්ය, ප්රවීන සංගීතවේදි අමරා රණතුංග අභාවප්රාප්ත වී තිබේ.
හෘදයාබාධයක් නිසා මියයන විට ඇය 79 වැනි වියේ පසුවිය.
කොළඹ ජාතික රෝහල් දැඩි සත්කාර ඒකකයේ ප්රතිකාර ලබමින් සිටියදී ඊයේ (15) රාත්රියේ ඇය දිවියෙන් සමුගත් බවයි පවුලේ ඥාතීන් ප්රකාශ කර ඇත්තේ.
මහ රෑ යාමේ, සපුමල් සුවඳක් සේ, ඊයේ රෑ ඔබ හීනෙන් දෙඩවූ ඒ උපුලී වැනි ජනප්රිය ගීත රැසක් ඇය ගායනා කළාය.
අමරා රණතුංග ප්රවීන ගායනශිල්පී ආචාර්ය දයාරත්න රණතුංගගේ බිරිඳ වේ.
ඇයගේ දේහය පිලිබඳ අවසන් කටයුතු බ්රහස්පතින්දා සිදු කිරීමට නියමිත යි.