කොළඹ කවි පරපුරේ දීප්තිමත් කවියකුව එච්. ඇම්. කුඩලිගමගේ සියවැනි ජන්ම සංවත්සර සැමරුම් උළෙල හෙට (26) සවස 3.30 ට කොළඹ 07 ටොරින්ටන් හි ශ්‍රී ලංකා පදනම් ආයතන ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිතයි.
ජ්‍යෙෂ්ඨ මාධ්‍ය වේදී තිලකරත්න කුරුවිට බණ්ඩාර මෙම උත්සවයේ මූලාසනය හොබවන අතර මුඛ්‍ය දේශනය මහාචාර්ය දර්ශන රත්නායකගෙනි. සංෂිප්ත දේශනය මහාචාර්ය සරච්චන්ද්‍ර රණසිංහගෙනි.
එච්. ඇම්. කුඩලිගම ගුණසමරු පදනම විසින් සංවිධානය කර ඇති එච්. ඇම්. කුඩලිගම
ජන්ම ශත සංවත්සර සැමරුම් උත්සවයේදී කුඩලිගම කවියා විසින් රචිත ගී ගායනය ආචාර්ය වික්ටර් රත්නායකගෙන් සහ පද ගායනය කථිකාචාර්ය ඉරංගා සමන්දිනී වීරක්කොඩිගෙන් වන අතර සභාව මෙහෙයවීම වජිර ජයවර්ධනගෙනි.