“හැරී පොටර්” පදනම් කරගත් නීති පාඨමාලාවක් ළඟදීම
ලෝක ප්‍රකට “හැරී පොටර්” ප්‍රබන්ධ කතා මාලාව පදනම් කරගනිමින් නව පාඨමාලාවක් හඳුන්වා දීමට ඉන්දීය බටහිර බෙංගාලයේ පිහිටි ප්‍රධාන නීති විශ්වවිද්‍යාලයක් කටයුතු කරමින් සිටියි.
නීති විද්‍යාව සඳහා වූ කොල්කටා ජාතික සරසවිය එළඹෙන දෙසැම්බරයේ දී ආරම්භ කිරීමට නියමිත මෙම පාඨමාලාව "An interface between Fantasy Fiction Literature and Law: Special focus on Rowling's Potterverse" නමින් නම් කර තිබේ.
හැරී පොටර් කතා මාලාවේ එන මායා ලෝකය සහ සැබෑ ජීවිතයේ සිදුවීම් අතර ඇති සමානතා ඈඳා ගනිමින් කරුණු සාකච්ඡා කිරීම සඳහා එම කතා මාලාවේ නීතිමය භූමිකාව යොදා ගැනීමට නියමිත යැයි පාඨමාලා නිර්මාපකයා වන මහාචාර්ය ශවික් කුමාර් ගුහා BBC පුවත් සේවයට පවසා ඇත.
මෙය “නිර්මාණශීලිව සිතීමට පෙළඹවීම සඳහා” සිදු කරන “අත්හදා බැලීමක්” යැයි ඔහු වැඩිදුරටත් පවසා තිබේ.
එක්සත් ජනපදයේ මෙන්ම එක්සත් රාජධානියේ විශ්වවිද්‍යාල කිහිපයක්ම හැරී පොටර් කතාව පාදක කරගත් මෙවැනිම වූ පාඨමාලා ශිෂ්‍ය ශිෂ්‍යාවන් වෙත ඉදිරිපත් කර ඇත.
මේ හා සමාන පාඨමාලාවක් ඉදිරිපත් කළ දෙවැනි ඉන්දීය නීති විශ්වවිද්‍යාලය කොල්කටා ජාතික විශ්වවිද්‍යාලය වේ.