සමස්ත ලංකා පාසල් නාට්‍ය තරග සහතික සරසවි වරම් ලබා දෙයි
අධ්‍යාපන අමාත්‍යංශය හා ඒකාබද්ධව ටවර් හෝල් රඟහල පදනම විසින් සංවිධාන කරනු ලබන සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගවල ජයග්‍රාහකයින්ගේ සහතික වලට ඉහල පිළිගැනීමක් ලබාදීමට පියවර ගෙන තිබේ.
විශ්ව විද්‍යාලවලට ඇතුලත් කරගැනීමේදී එම සහතික පත් සඳහා ඇගයීම් ලකුණු ලබාදීමට ඒ අනුව විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව කටයුතු කරනු ඇතැයි නිවේදනයක් නිකුත් කරමින් ටවර් හෝල් රඟහල පදනම ප්‍රකාශ කර සිටියි.
සමස්ත ලංකා පාසල් නාට්‍ය තරගවල නිෂ්පාදන, රචනය, රංගනය, අංග රචනය, සංගීත අධ්‍යක්ෂණය, ඇඳුම් නිර්මාණය, පසුතල නිර්මාණය යන අංශ වලින් ප්‍රථම හා දක්ෂතම ස්ථාන හිමිකරගත් සහ අවසාන වටයේ දී දක්ෂතා දක්වමින් ඇගයීම් සහතික ලබාගත් ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට මේ අවස්ථාව හිමිවීමට නියමිත ය.
සාමාන්‍ය ප්‍රවේශයක් යටතේ විශ්ව විද්‍යාලයට ඇතුල් වීමේදී සුළු ලකුණු සංඛ්‍යාවක මදි පාඩුවක් තිබුණහොත් උක්ත ඇගයීම් සහතික නිසා සරසවි අධ්‍යාපනය ලැබීමට ඉඩ සැලසෙන බව විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ප්‍රකාශ කර ඇතැයි ටවර් හෝල් රඟහල පදනම වැඩි දුරටත් සඳහන් කරයි.