ගුවන් යානයෙන් ඇද වැටුණු ප්රකට රැප් ගායකයා මරු දකියි
ගීතයක රූපගත කිරීමක් අතරවාරයේ සැහැල්ලු ගුවන් යානයක එක් තටුවක් දිගේ ඇවිද යාමට තැත් කිරීමේදී ඉන් ඇදවැටීම නිසා කැනේඩියානු රැප් ගායක ජෝන් ජේම්ස් මැක්මරේ ජිවිතක්ෂයට පත්ව තිබේ.
34 හැවිරිදි ඔහු මියගොස් ඇත්තේ කැනඩා ප්රාන්තයක් වන බ්රිට්ෂ් කොලම්බියාහි දී ය.
ගුවන් යානයේ තටුව කෙලවරට ජෝන් ජේම්ස් ඇවිද යාම නිසා යානය පාලනයකින් තොරව පහළට කරකැවී ඇතැයි BBC පුවත් සේවය වාර්තා කරයි.
දිගු වෙලාවක් ගුවන් යානයේ එල්ලී සිටීම නිසා සිය පැරෂුටය විවෘත කර ගැනීමට ද ඔහු අපොහොසත් වී ඇත.
"මෙම අනතුරුදායක දර්ශනය සඳහා ඔහු ඉතා හොඳින් පුහුණුවක් ලැබූ" බව මැක්මරේගේ කළමනාකරු පැවසුවේ ය.
රැප් ගායක ජෝන් ජේම්ස් සිය ගීත වීඩියෝ සිදු සඳහා කළ අනතුරුදායක රඟපෑම් නිසා රසිකයින් අතර වඩාත් ජනප්රිය වී සිටියේය.