“මම බියර් කෑන් හොරකම් කළේ නැහැ” ප්‍රසිද්ධ නළුවා කියයි
එක්සත් රාජධානි පොලිස් කණ්ඩායමක් විසින් සොයමින් සිටින බියර් කෑන් හොරා තමන් නොවන බව ජනප්‍රිය රංගන ශිල්පී ඩේවිඩ් ශ්විමර් පවසයි.
ප්‍රකට ඇමරිකානු ටෙලි මාලාවක් වන “ෆ්‍රෙන්ඩ්ස්” හි ප්‍රධාන චරිතයක් වූ රෝස් ගෙලර්ට සමාන හැඩ හුරුකම් ඇති පුද්ගලයෙක් විසින් බියර් කෑන් පෙට්ටියක් සොරකම් කරන අයුරු දැක්වෙන CCTV දර්ශනවලින් ලබාගත් ඡායාරූපයක් බ්ලැක්පූල් ප්‍රදේශයේ පොලිස් නිලධාරියෙක් විසින් සමාජ මාධ්‍ය ජාලයක පළ කළ පසු ඊට පිළිතුරු ලබා දීමක් වශයෙන් ඔහු මෙසේ පවසා තිබේ.
ඒ අනුව බ්ලැක්පූල් පොලිසියේ මුහුණු පොතෙහි පළ වූ සරදම් සටහන්වලට ප්‍රතිචාර දක්වමින්,
“ නිලධරයිනි, දිවුරලා කියන්නේ ඒ මම නම් නොවෙයි. ඔබට පේනවා මම ඉන්නේ නිව්යෝක් වල. ඉදිරි පරීක්ෂණ හොඳින් කරන්න කැප වී රාජකාරි කරන බ්ලැක්පූල් පොලිසියට මම සුබ පතනවා,” යනුවෙන් ඩේවිඩ් ශ්විමර් ප්‍රකාශ කළේය.
1994 පටන් 2004 දක්වා විකාසනය වූ “ෆ්‍රෙන්ඩ්ස්” ටෙලි මාලාව ලොව පුරා අදටත් ජනප්‍රිය ටෙලියකි.