ආසියානු මාධ්‍ය ජාලය විසින් තෙවැනි වරටත් සංවිධාන කරනු ලැබූ “හිරු ගෝල්ඩන් ෆිල්ම් අවෝඩ්ස්” ඊයේ (27) දින කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ දී පැවැත්වුණා.
උළෙලට බොලිවුඩ් රංගන ශිල්පින් ශිල්පිනියන් මෙන්ම ශ්‍රී ලාංකේය සිනමා ක්ෂේත්රයේ කලා තරු ඇතුළු ආරාධිතයින් විශාල පිරිසක් එක් සිටියා.
එහිදී හිමි වූ සම්මාන මෙසේ වේ,
හොඳම චිත්‍රපටය අශෝක හඳගමගේ “ඇගේ ඇස අග”
හොඳම අධ්‍යක්ෂණය ප්‍රසන්න ජයකොඩිගේ “28”
වසරේ ජනප්‍රියම චිත්‍රපටය පත්තිනි
හොඳම රංගන ශිල්පියා ”සයපෙති කුසුම” චිත්‍රපටයේ චමත්ගේ චරිතය රඟපෑ දසුන් පතිරණ
හොඳම රංගන ශිල්පිනිය ”ඇගේ ඇස අග” චිත්‍රපටයේ මහාචාර්ය බිරිඳගේ චරිතය රඟපෑ ස්වර්ණා මල්ලවාරච්චි
ජනප්‍රියම රංගන ශිල්පියා උද්දික ප්‍රේමරත්න
ජනප්‍රියම රංගන ශිල්පිනිය පූජා උමාශංකර්
ජනප්‍රියම ළමා රංගන ශිල්පිනිය”ධර්මයුද්ධය” චිත්‍රපටයේ රඟපෑ විනුමි වන්සදී
ආසියානු චිත්‍රපට ක්ෂේත්රයට කළ මෙහෙය වෙනුවෙන් රන් සම්මානය ගොවින්දා අහුජා (Govinda Ahuja)
හොඳම තිර රචනය අශෝක හඳගම “ඇගේ ඇස අග”
හොඳම චිත්‍රපට කැමරා අධ්‍යක්ෂණය චන්න දේශප්‍රිය “ඇගේ ඇස අග”
හොඳම චිත්‍රපට සංස්කරණ ශිල්පියා තිසර සුරේන්ද්‍ර “මෝටර් බයිසිකල්”
හොඳම චිත්‍රපට සහය රංගන ශිල්පියා ධර්මයුද්ධය චිත්‍රපටයේ රඟපෑ කුමාර තිරිමාදුර
හොඳම චිත්‍රපට සහය රංගන ශිල්පිනිය ඒ ලෙවල් චිත්‍රපටයේ රඟපෑ උමාලි තිලකරත්න
හොඳම ප්‍රතිවීර චරිතය රඟපෑ රංගන ශිල්පියා සිරිල් වික්‍රමගේ බන්දනය චිත්‍රපටය
හොඳම හාස්‍යෝත්පාදක රංගන ශිල්පියා මහේන්ද්‍ර පෙරේරා
හිරු උත්තමාචාර රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ආචාර්ය ධර්මසේන පතිරාජ
හිරු උත්තමාචාර රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්
හිරු ජීවන ප්‍රයාම රන් සම්මානයෙන් පිදුම් ලබන්නේ මාලනී ෆොන්සේකා
හොඳම පසුබිම් ගායකයා පත්තිනි චිත්‍රපටයේ සංසාරේ ගිරිදුර්ගය.. ගීතය ගැයූ අමරසිරි පීරිස්
හොඳම පසුබිම් ගායිකාව සරිගම චිත්‍රපටයේ මේ සීත උදේ.. ගීතය ගැයූ උරේෂා රවිහාරි
සිනමාවේ නව මානයන් ප්‍රගුණ කළ නිර්මාණකරුවාට හිමි Hiru Trend Setter සම්මානය හේමාල් රණසිංහ
හොඳම කෙටි චිත්‍රපටය රොෂාන් එඩ්වඩ්, Wind Through the Holes
මතු බලාපොරොත්තු තැබිය හැකි අධ්‍යක්ෂකවරයා ශමීර නාඔටුන්න, මෝටර් බයිසිකල් චිත්‍රපටය
කෙටි චිත්‍රපටය ජූරියේ විශේෂ සම්මානය තරිඳු මධුසංඛ Frozen Heart කෙටි චිත්‍රපටය
මතු බලාපොරොත්තු තැබිය හැකි නළුවා - දිනෙත් ද සිල්වා, ආලෝකෝ උදපාදී
මතු බලාපොරොත්තු තැබිය හැකි නිළිය - රිතිකා කොඩිතුවක්කු, ඇගේ ඇස අග
ජනප්‍රියම චිත්‍රපට ගීතය - ආලෝකෝ උදපාදී චිත්‍රපටයේ එඩි බින්දා මන බන්දා
හොඳම ගීතනු නිර්මාණය - අජිත් කුමාරසිරි, මෝටර් බයිසිකලය චිත්‍රපටයේ හීනත් අරන් එන්න ගීතය සඳහා
හොඳම ගී පද රචනය - මහාචාර්ය සුනිල් ආරියරත්න, පත්තිනි චිත්‍රපටයේ සංසාර ගිරි දුර්ග ගීතය සඳහා
හොඳම ශබ්ද සැලසුම්කරණය - අරුණ ප්‍රියන්ත කළුආරච්චි සහ ඇලෙක්සැන්ඩර් යූසූෆ්, නිම්නයක හුදකලාව
හොඳම පසුබිම් සංගීත අධ්‍යක්ෂණය - ආචාර්ය රෝහණ වීරසිංහ, සරිගම
හොඳම සටන් අධ්‍යක්ෂක - සඳුන් ප්‍රනාන්දු, ආලෝකෝ උදපාදී
හොඳම පරිගණක දෘශ්‍ය ප්‍රයෝග - චන්ත්‍ර වීරමන් සහ භාරත හෙට්ටිආරච්චි, ආලෝකෝ උදපාදී
හොඳම කලා අධ්‍යක්ෂණය - සුනිල් විජේරත්න, ආලෝකෝ උදපාදී
හොඳම නර්තන වින්‍යාසය - ගයාන් ශ්‍රීමාල් , දේදුන්න ආකාසේ
හොඳම අංග වස්ත්‍ර නිර්මාණය - මෙත්නුවන් විජේසිංහ, සරිගම
හොඳම අංග රචනය - ජයන්ත රණවක, ආලෝකෝ උදපාදී
විශේෂ සහතිකය 1 ”ධර්ම යුද්ධය ” චිත්‍රපටයේ විශාකාගේ චරිතය සඳහා කුසුම් රේණු.
විශේෂ සහතිකය 2 ”A ලෙවල් ” චිත්‍රපටයේ අහිංසාගේ චරිතය සඳහා ලහිරුකා ඒකනායක
ජූරියේ විශේෂ සම්මානය 3 ”නීනෝ live ” චිත්‍රපටය අධ්‍යක්ෂනය සඳහා තිසර ඉඹුලාන
ජූරියේ විශේෂ සම්මානය 2 ”ප්‍රේමයනම් ” චිත්‍රපටය අධ්‍යක්ෂනය සඳහා කල්පන ආරියවංශ සහ වින්දන ආරියවංශ
ජූරියේ විශේෂ සම්මානය 1 ”උසාවිය නිහඩයි” චිත්‍රපටය සඳහා ප්‍රසන්න විතානගේ