දමිළ සිනමා රසිකයින්ගේ සිනමා රසාස්වාදය වෙනුවෙන් ප්‍රකට සිනමා අධක්ෂ මනිරත්නම් ගේ නවතම ක්‍රියාදාම සිනමා නිර්මාණය "Chekka Chivantha Vaanam"පසුගිය සැප්තැම්බර් 27 වැනිදා සිට තිරගත කිරීම ආරම්භ කරන ලදී.
Chekka Chivantha Vaanam හි තිරරචනය ද මනිරත්නම් සහ සිවා අනන්ත් විසින් සිදුකර තිබේ. Chekka Chivantha Vaanam හි රංගනය වෙනුවෙන් දකුණු ඉන්දීය සිනමාවේ ජනප්‍රිය තරු රැසක් එක් වී තිබේ. සේනාපතිගේ චරිතය නිරූපණය කරන්නේ ප්‍රකාශ් රාජ් විසිනි. අරවින්ද් සාමි වර්ධරාජන් ලෙසත්, අරුන් විජේ ත්යාගරාජන් ලෙසත් සිලම්බරාසන් එතිරාජ් ලෙසත්,විජේ සේතුපති රසූල් ඒබ්රාහිම් ලෙසත් ජෝතිකා වර්ධරාජන් බිරිය චිත්‍රා ලෙසත් ජයසුධා ලක්ෂ්මි ලෙසත් චරිත නිරූපණය කරයි.අදිති රාඕ හිදාරි, ඓශ්වර්යා රාජේෂ් ද දකුණු ඉන්දීය සිනමාවේ නළුවකු සහ අධ්යක්ෂවරයකු ද වන ත්යාගරාජන් සිවානන්දම් ද මෙහි රංගනයෙන් දායක වී සිටියි. මෙහි සංගීත අධ්‍යක්ෂණය කර තිබෙන්නේ ඒ.ආර් රහ්මාන් විිසිනි.
මනිරත්නම්ගේ සිනමා නිර්මාණ තළ දක්නට ලැබෙන ප්‍රකට පේ‍්‍රම කතාවකට එහා ගිය සහෝදරයන් ගේ බල අරගලයක් ගැන තියැවෙන මෙම සිනමා නිර්මාණයේ කතා සාරාංශය සැකවින් මෙසේය.
පුතුන් තිදෙනෙකු සහ එක් දියණියකගේ පියෙකු වන සේනාපති දරුණු මැර පරම්පරාවක නායකයෙක්. දැඩි කේන්තිකාරයකු වන ඔහුගේ වැඩිමහල් පුත්‍රයා වරධරාජන් චෙන්නායිහි තම පියා සේම බලය පතුරුවා ගෙන සිටියි. දෙවැන්නා ත්යාගරාජන් ඩුබායිහි තම ව්‍යාපාර කටයුතු පවත්වා ගෙන යන්නේය. තෙවැන්නා එතිරාජ් සයිබීරියාවේ සිය බලය පතුරුවාගෙන සිටියි. දිනක් සේනාපති ආරක්ෂකයන් පිරිවරා සිය බිරිය ලක්ෂ්මි සමඟින් දේවාලයට යන අතරතුර පොලිස් වෙස් ගත් මැර පිරිසකගේ ප්‍රහාරයට නතු වේ.මේ බව දැන ගන්නා පුතුන් තිදෙනා තම මව්පියන් වෙත ප්‍රහාරයක් එල්ල කළ පුද්ගලයන් සොයා යාමේ මෙහෙයුම ආරම්භ කරයි. වර්ධරාජන්හට රසූල් ඒබ්රාහිම් නම් මිතුරු පොලිස් නිලධාරියාගේ සහය මේ වෙනුවෙන් ලැබෙන අතර තම පුතුන් තිදෙනො ගෙන් අයෙකු ද මෙම ප්‍රහාරයට සම්බන්ධ බව සේනාපතිගේ බිරිය ලක්ෂ්මි හට දැන ගන්නට ලැබීමත් සමඟ සේනාපති හදිසියේ ජීවතුන් අතරින් සමු ගනියි.
මේ සිදුවීම සමඟින් සිය පියාගේ අධිරාජ්‍යයේ බලය ලබා ගැනීමට පුතුන් තිදෙනා අතර ඇති වන්නේ ගැටුමකි.කෙසේ හෝ වර්ධරාජන් පියාට හිමි වී තිබූ බලය ලබා ගන්නා අතර සහෝදර ගැටුමේ ආරම්භය සිදු වන්නේ ද ඒ සමඟිනි.