සන්නස්ගල මේ උණුුසුම් මොහොත තුළ නිහඩය. බලා සිටිනවා විය යුතුය.
වේගවත් අදහසකින් වෙඩි තැබීමක් නැත. නිස්කාංසුවේ වාගේය. මාධ්‍ය තුළ සන්නස්ගල නිහඩය. එහෙත් ඔහු ගිනි කනදක් මෙන්යැයි සිතේ.
මේ සියුම් වචන ඒ ගිනිකන්දෙන් සෙමෙන් සෙමෙන් නැගෙන පුපුරු සේය. ෆේසුබුක් සටහනේ මේ තබා ඇති අදහස ඔබ අරගන්න. කියවන්න. මේ සංදේශ කාව්‍යක් නොවේ . එනමුදු ඔබට ලෙහා ගත හැකි අදහසකි.
ගී ගයන කොවුලනි, කෙවිලියනි
තිසර පට නිදහස් ව වන සරන හංසයිනි;
කවි ලියන කවි කියන ගී හදන සැළලිහිණි මිතුරනි;
මේ මොහොතේ ග්රාමවාසී යක්ෂයෝ ඔබේ තටු සිඳින්නට කඩු තුඩු පිරිමදිමින් සිටිති. වනවාසී කැටපෝල හමුදාව ඔබේ ළය ඉලක්ක කොට ගල් කැබැලි මානා සිටිති. හිතන හිත යතුරු ලන, ස්වර හීන ගොළු කරන, සලරූ නෙත් මරා කන සපුමල්ගේ මහසෝන් බලකාය සොහොන් ළඟ ලැග සිටිති. ඔවුන් ඔබෙ සිනෙ රූප මවන ඇස උගුල්ලා දමාවි! සිරීපාදේ සරන අහිංසක සමනලුන් නසාවි!
තනි තනි ව වෙන් වෙන් ව පියාඹන සියොතුනි;
රංචු ගැසෙනා රෑනෙ හඬ නඟන මිතුරනි;
අප අප ගැන දනී නම් ඔබ කොතැන සිටියත් මොකද?
අප හෙට දිනත් අහස අත් පත් කොට ගත යුතු ම ය.