ප්රවීණ ගායකයෙකු වාදකයෙකු වන උපාලි කන්නන්ගර මහතා අසනීපව ඇති බව දැනගන්නට ලැබෙනවා. එළැඹෙන දෙසැම්බර් 04වන දින බරපතල හෘද සැත්කමකට බාජනය වීමට නියමිත උපාලි කන්නන්ගර මහතාට සුවය ප්රාර්ථනා කරන ලෙස ඔහුුගේ බිරිඳ ඉන්ද්රානි බොතේජු මහත්මිය ෆේස්බුක් සමාජජාලයේ හිතවතුන්ගෙන් ඉල්ලා සිටිනවා.
සමාජජාලා මිතුරු මිතුරියන්ගේ සුව ප්රාර්ථනා සිතුවිලි සහ ආශීර්වාදයන්ගෙන් ඔහුට ඉක්මන් සුවය ලැබේවා යන්නයි ඇයගේ ප්රාර්ථනය. මිරර් ආර්ට්ස් උපාලි කන්නන්ගර සංගීත වේදියාගේ හෘද සැත්කම සාර්ථක වේවා සහ ඉක්මන් සුවය ලැබේවායි ප්රාර්ථනා කරන්නෙමු!!!.