මහින්ද පතිරගේ කියන්නේ වේදිකාව, පුංචි තිරය මෙන්ම සිනමාව ඔස්සේ ද රසිකයින් අතරට ගිය අති දක්ෂ රංගන ශිල්පියෙක්.
බොහෝ දෙනකු ඔහු දැනහඳුනා ගන්නේ ප්‍රහසන රංගන ශිල්පියෙක් ලෙස යි. මේ කලාකරුවාගේ අප නොදුටු පැතිකඩක්, අප නොදන්නා කුසලතාවක් පිළිබඳ ඔහුගේ පාසල් සමයේ මිතුරකු වූ ගී පද රචක නයනසේන වන්නිනායක විසින් ෆේස්බුක් සමාජ මාධ්‍ය ජාලයෙහි සටහනක් පළ කර තිබුණි.
මහින්ද පතිරගේ කලකට ඉහතදී ඇඳි සිතුවමක් සමඟින් ඔහුගේ චිත්‍ර ඇඳීමේ දක්ෂතාවය ගැන එම සටහන ඔස්සේ නැවත මතක් කර දී තිබු අතර බොහෝ දෙනකු ඔහුගේ දක්ෂතාව අගයා තිබුණි.
“බොහො දෙනා දුටු මේ සිතුවම ඇන්දේ බොහෝ කලකට පෙරයි. මා පාසැල් මිතුරු, ප්‍රවීණ රංගන ශිල්පී මහින්ද පතිරගේ (රාජසභාවෙ පුරෝහිත) විසින්. ඔහු රංගන ශිල්පියෙක් වගේම දක්ෂ චිත්‍ර ශිල්පියෙක්. පාසැල් කාලයේ සිටම ඔහු අතින් රජරට දැකුම්කළු, දැවැන්ත සිනමා ප්රචාරක පුවරු (කටවුට්) නිමවුණා තාම මතකයි. "හුලවාලී" කටවුට් එක එවන් විශිෂ්ට නිර්මාණයක්.
ඒ දවස්වල කොලඹින් ඇඳපු ඒවා බොහොමයක් හදිසියේ අඳින අතාත්ත්වික ඒවා. ඇතැම්විට ගාමිණී ජෝ වගේ. ජෝ ෆ්‍රෙඩී වගේ. මහින්ද එක කටවුට් එකක් ඇතැම්විට මාසයක් පමණ බොහෝ මහන්සි වී අඳිනු මා දැක තියෙනවා.
අද නම් ඩිජිටල් රූප තමා ඉතිං. ලෙහෙසියටත් පහසුවටත් හැම එකටම ඩිජිටල් ...
මේ චිත්‍රය ඔහු ඇන්ද එකක් බව දැනගෙන හිටියෙ ඔහුගෙ පිය බිරිඳ වන සංගීතාචාරිණී, ප්‍රවීණ ගායිකා කුමුදිණී ගුණවර්ධන විතරයි. මොකද එය දැනගැනීමත් අවදානම් වූ ඉතා බිහිසුණු කාලයක් ඒ. චිත්‍රය යටින් කෙටි අත්සනක් වත් ගැහුවානම් අද මහින්ද කෙනෙක් නැහැ.”
කෙසේ වෙතත් සිතුවම් ඇඳීමේ කුසලතාව යටපත් වූ හේතුව පිළිබඳ මහින්ද පතිරගේ කලාකරුවා මෙසේ පිළිතුරක් ද පළ කර තිබුණි.
“මාස ගනන් මහන්සිවී අතින් අඳින සිතුවම...විනාඩියෙන් එලියට එන ඩිජිටල් පින්තූරයක් බවට පත්වෙද්දි..ඒ වෙනුවට ජීවත්වෙන්න වෙන මගක් මට හොයාගන්න උනා..ඒකයි එතන කටුක ඇත්ත.”
රජරට සේවා කාර්යාලයේ තිබෙන ගුණදාස කපුගේ ගායන ශිල්පීයාගේ සිතුවමක්
ස්වර්ණ ශ්‍රී ඛණ්ඩාරයන් අවසන් ගමන් යන දා සිතුවම් කළ එතුමාගේ රුව
පණ්ඩිත් අමරදේවයන් වෙත තිළිණ කරන ලද එතුමාගේ රුව