ටයිගර් ෂ්රොෆ් රංගනයෙන් දායක වූ “භාගි 2” සිනමාපටය ප්‍රේක්ෂකයා ආදරයෙන් වැළඳගත් සිනමා නිර්මාණයක් ලෙස හැඳින්විය හැකියි.
2018 වසර මුලදී තිරගත කළ මෙම සිනමා කෘතිය රුපියල් කෝටි 300 කට ආසන්න මුදලක් ඉපැයීය.
කෙසේ වෙතත් මෙම චිත්‍රපටයේ තෙවැන්න එනම් භාගි 3 නිර්මාණය කිරීම සඳහා වැඩකටයුතු ළඟදීම ආරම්භ කිරීමට නියමිත බව වාර්තා වෙනවා.
චිත්‍රපටයේ රූගත කිරීම් සිරියාවේ සහ ඉරාකයේ සිදු කිරීමට කටයුතු සුදානම් කර ඇති බවත් ටයිගර් ෂ්රොෆ් සමඟ ප්‍රධාන නිළිය ලෙස සාරා අලි ඛාන් රංගනයේ යෙදෙනු ඇති බවත් ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඒ අනුව භාගි 3 එළඹෙන වසරේ එනම් 2020 මුලදී එළිදක්වනු ඇති බවටයි වැඩිදුරටත් වාර්තා වන්නේ.