ෆෝබ්ස් සඟරාව මගින් ජනතා මනාපය අනුව නම් කළ 2019 වසරේ ජනප්‍රියම හොලිවුඩ් සිනමා පට
ඇවෙන්ජර්ස් - එන්ඩ් ගේම්
කැප්ටන් මාවල්
ස්ටාර් වෝර්ස් - එපිසෝඩ් 8
ස්පයිඩර්මෑන් - ෆාර් ෆ්‍රොම් හෝම්
ටෝයි ස්ටෝරි 4
ග්ලාස්
ද ලයන් කිං
ඇලඩින්
ඩම්බෝ
ජෝකර්
2018 වසර ගෙවී ගියේ හොලිවුඩ් සිනමා රසිකයන්ට සුබාරංචියක් ගෙන එමිනි. 2017 වසරට වඩා වැඩි රසික ප්‍රජාවක් ගතවූ වසරේදී සිනමා ශාලා වෙත ආකර්ෂණය කර ගැනීමට සමත් වී තිබීම ඊට හේතුවය.
ඩිස්නි, වෝනර් බ්‍රදර්ස්, යුනිවර්සල් සිනමා සමාගම් සිනමා ශාලාවල අණසක පැතිරවීය. නව වසර උදාවන්නේ හොලිවුඩ් නිර්මාණකරුවන් සවිමත් කළ රසිකයන්ගේ ආශීර්වාදයත් සමඟය.
ඉන්ටෙනට් මූවී ඩේටාබේස් ( අයිඑම්ඩීබී ) අනුව හොලිවුඩ් සිනමා පට හාර දහසකට අධික ප්‍රමාණයක් නව වසරේදී ද රසිකයන් වෙනුවෙන් පෙළ ගස්වා ඇත. ඒ අතරින් පෙරමුණ ගන්නා සිනමා පට ලෙස ෆෝබ්ස් සඟරාව මඟින් නම් කර ඇත්තේ ඇවෙන්ජර්ස් 4 (එන්ඩ්ගේම්), ස්ටාර්වෝස් 9 සහ කැප්ටන් මාවල්ය.
ඇවෙන්ජර්ස් එන්ඩ් ගේම් ඇවෙන්ජර්ස් සිනමාවලියේ සිව්වැන්නය. එමෙන්ම ඇවෙන්ජර්ස් රසිකයනට නැරඹීමට ලැබෙන අවසන් ඇවෙන්ජර් සිනමා පටය ද මෙයයි. මේ වන විට සිනමා පටයේ ට්‍රේලරය වැඩිම පිරිසක් නැරඹූ ට්‍රේලරය ලෙස වාර්තා ගණනාවකට හිමිකම් කියයි.
සුපිරි වීර සිනමා පටවලට දැවැන්ත අභියෝගයක් මාවල් ප්‍රහසන චරිතයක් වන කැප්ටන් මාවල් හි කැරල් ඩැන්වර්ස් විසින් එල්ල කරනු ඇත. ජෝකර්, හෙල් බෝයි, ඩාර්ක් ෆීනික්ස්, ස්පයිඩර් මෑන් - ෆාර් ෆ්‍රොම් හෝම්, ග්ලාස්, ශාසම්, වොන්ඩර් වුමන් 1984 ද නිව් මියුටන්ට්ස්, ජස්ටිස් ලීග් ටූ බැට් ගර්ල්, බැට්මෑන් ඇතුළු සිනමා පට රැසක් සුපිරි වීර රසයෙන් ප්‍රේක්ෂක හද ගැස්ම වේගවත් කරනු ඇත.
සජීවීකරණ සෙලියුලොයිඩ් ලොවට පිවිසෙන්නට බලා සිටින්නේ පොඩිත්තන් පමණක්ම නොවේ. වැඩිහිටියන්ට ද එය රස උල්පතකි.
1994 වසරේදී සාම්ප්‍රදායික සජීවීකරණ ක්‍රම යොදාගෙන නිපදවූ වෝල්ට් ඩිස්නි සමාගමේ ද ලයන් කිං සිනමා පටය විසි පස් වැනි වසර සපුරන්නේ මේ වසරේදීය.
ඔස්කාර් සම්මාන ලාභී සාම්ප්‍රදායික සජීවීකරණ ක්‍රම යොදාගෙන නිපදවූ සිනමා පට අතරින් සර්වකාලීනව වැඩිම ආදායමක් ලද සිනමා පටය වන මෙය නැවත එනමින්ම නව සජීවීකරණ ක්‍රම වේද යොදා ප්‍රතිනිර්මාණය වී ඇති අතර මුල් සිනමා පටය තිරගතවී 25 වසර සමරන ජූලි 19 වැනි දිනටම සිනමා පටය තිරගත කෙරේ.
මේ වසරේදී ටෝයි ස්ටෝරි 4 , ෆ්රෝස්න් 2 හව් ටු ට්‍රේයින් යුවර් ඩ්‍රැගන් ද සීක්රට් ලයිෆ් ඔෆ් පෙට්ස් 2 වැනි මෙතෙක් රසවිඳි සිනමාපට පෙළක නවමු අත්දැකීම් විඳින්නට අවස්ථාව උදාවේ.
පසුගිය වසරේ ගේම් නයිට් , බ්ලොකර්ස් බඳු සිනමා පට ප්‍රහසන සිනමා කලාවේ ප්‍රබලත්වය විදහා දැක්වීය. විද්‍යා ප්‍රබන්ධයක් මෙන්ම විකට සිනමා පටයක්ද වන මෙන් ඉන් බ්ලැක් - ඉන්ටර්නැෂනල් , වෙයාර් ඩ් යූ ගෝ බර්න ඩෙට් ස්පයිස් ඉන් ඩිස්ගයිස් ආදරබර ප්‍රහසනයක් වන ඉස්න්ට් ඉට් රොමැන්ටික්, ද බීච් බම්, වොට් මෙන් වොරන්ට්ස්, ෆයිටිං විත් ෆැමිලි, ඔල් ස්ටාර් වීක්එන්ඩ් ඇතුළු ප්‍රහසනාත්මක සිනමා පට රැසකින් මෙවර ද හාස්‍ය රසය නොඅඩුව විඳින්නට ලැබෙනු ඇත.
ලොමු ඩැහැ ගැන්වෙන සිනමා පට සඳහා කෙදිනත් සුපතල හොලිවුඩය ඒ අත්දැකීම ඉට් - චැප්ටර් 2, ද වැම්පයර් , ගොඩ්සිලා - කිං ඔෆ් ද මොන්ස්ටර්, ආ යූ අෆ්රේඩ් ඔෆ් ද ඩාර්ක්, හෙල් බෝයි, ත්‍රී ෆ්‍රොම් හෙල් වැනි සිනමා පට රැසකින් රසිකයන් බියෙන් මුසපත් කිරීමට හොලිවුඩ් සිනමා නිමැවුම්කරුවන් සූදානම්ය.
ප්‍රේමය වස්තු විෂය වූ සිනමා පට සඳහා 2019 සිනමා පට නාමාවලියේ ඉහළම තැනක් ඇත. දි ආෆ්ටර්මාත්, ෆයිව් ෆීට් අපාට්, ඔල් ද බ්‍රයිට් ප්ලේයර්ස්, ලයිෆ් ඉන් ෆෝ ඉයර්ස් ඊට ඇති හොඳම සාක්ෂිය.
අමෙරිකානු නිළි ජූඩ් ගාලන්ඩ්ගේ ජීවිත කතාව ජූඩ් ජීවිත කතා රසවිඳින්නන්ට රසාලිප්ත අත්දැකීමක් වනු ඇත.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ