සත්ත්ව ප්‍රේමී රසික කැලට පිරිනැමුණු වසරේ පළමු සිනමා තිළිණයය. අමෙරිකානු සිනමා වෘත්තාන්තයක් වන මෙය පවුලේ කතාවකි. නවක වෛද්‍ය සිසුවකුවූ ලූකස් බෙලා සුනඛ සුරතලියට හොඳ නිවහනක් සපයා දුන්නේය.
එහෙත් ඌට ලූකස්ගෙන් වෙන් වූ පසු ගත කිරීමට සිදුවූයේ සැපවත් ජීවිතයක් නොවෙයි. හාම්පුතාගේ ආදරණීය උණුසුම නැතිව උගේ හද රිදුණු වාර අනන්තය. නැවත හාම්පුතා ලූකස් මුණ ගැසීමට බෙලා සැතපුම් හාර සීයක දිගු ගමනක් ඇරඹීය. එහිදී ඌ මංමුලා වුවද අනාථ කඳු සිංහ පෝතකයෙක් සහ ආදරණීය මිනිස් මිතුරන් කීප දෙනකු මුණ ගැසෙයි.
බෙලා අවසන සිය අරමුණ ඉටු කර ගනීවිද? අපේ ජීවිතවල ගොඩනැඟෙන සමහර සබඳතා දුරස් කළ නොහැකිය.
අ ඩෝග්ස් වේ හෝම් සංවේදී සිනමා පටය අවසන ගෙන එන පණිවුඩය එයයි. ඩබ්. බෘස් කැමරන්ගේ අ ඩෝග්ස් වේ හෝම් කෘතිය ඇසුරෙන් නිමැවූ මේ සිනමා පටයේ අධ්‍යක්ෂණය චාල්ස් මාටින් ස්මිත්ගේය.
සිනමා පටය නරඹන්නන්ට ආදරණීය සුරතලාට මෙන්ම සිනමා පටය ගැන ද සෙනෙහසක් ඇතිවන බව බොහෝ ප්‍රේක්ෂකයන්ගේ විචාරකයන්ගේ අදහසයි. සිනමා පටයේ වැඩිහිටි බෙලා ලෙස රඟන්නේ විපත්වලින් මිනිසුන් බේරා ගන්නා ටෙනිසේහි පදිංචි ෂෙල්බි සුනඛ ධේනුවය.
චම්පිකා දීපානි රණසිංහ
සිළුමිණ