මහගමසේකර මෙලොවින් සමුගෙන වසර 41ක් ගතවීම නිමිත්තෙන් ඔහු ගේ කවි මග පිළිබඳ කෙරෙන ඉතා සංක්ෂිප්ත කියැවීමකි මේ.
මහගම සේකර යනු අද අප වෙසෙන ගොරතර සමාජ වටපිටාව එහි මූලික රෝග ලක්ෂණ පහල වන අවධියෙහි ම සිය කවි ඇසින් නිරීක්ෂණය කළ කවියාය. එනම් මා මෙලොව එළිය දකින්නටත් ප්‍රථම මා පය තබන්නට යන ව්යාධිවාහක අනාගතය ඔහුගේ ඒ සියුම් නිරීක්ෂනයට හසුවිය.
“සංක්රාරාන්ති කලි යුගයේ
හෙල්ලුම් කන සමාජයේ
පාලම උඩ
මේ මගේ නෑයාය
මිතුරාය - සැමියාය - බිරින්දය
විශ්වාසයක් නොමැත
අන්තෝ ජටා බහි ජටා”
("මක්නිසාද යත්" කාව්‍ය සංග්‍රහය 1964)
ඊට පස්සෙ ඔහු දකිනව ඔහුගෙ පූර්ව නිරීක්ෂණ මේ පොළොව මත යතාර්ථයක් බවට පත්වෙන හැටි.1973 වසරෙ ඔහු විරචිත "නොමියෙමි" කාව්‍ය සංග්‍රහය තුළින් අපට මුනගස්වන චරිත අපිට ඒ යතාර්තය තේරුම් ගන්න උදව් කළා.ඒ කියන්නෙ ධනේෂ්වර සමාජය නූපන් දරුවගෙ සිට මළමිනිය දක්වා වූ සියලු සිදුවීම් විකුණගෙන කන ක්‍රමයක් බවට රූපාන්තරණය වන අයුරු සේකරගෙ සංජානනයට හසු වුණා.
“මැරෙන තුරා ඔබ
බලා සිටිමු අප
අවසන් ගෞරව කරන්නට
එතෙක් මතක තබාගන්න
මැරෙන ලෝකයේ නොමැරෙන නාමය
අයි.ඕ යව්දිව් සිල්වා
මංගල - අවමංගල අධ්‍යක්ෂක.”
("නොමියෙමි" කාව්‍ය සංග්‍රහය 1973)
1977 අවුරුද්දෙ නිකුත් වුණ "ප්රබුද්ධ" කාව්‍ය සංග්‍රහය සේකරගෙ කවියෙ කූටප්‍රාප්තිය හැටියට තමයි පේන්නෙ.එය ප්‍රථම වරට සිංහල කවිය වඩා දාර්ශනික එළැඹුමකට අරන් ගිය කෘතිය බව තමයි මගේ හැඟීම.එහිදී ඔහු එතෙක් සංජානනය කළ සියලු සමාජ චලනයන් වඩා දියුණු කවි ඇසකින් අවලෝකනය කරන අයුරු අපට පේනව.බෞද්ධ ඉගැන්වීම් වල මුළුමහත් හරය එක මිටකට හකුලා ගන්න සේකර, මාක්ස්වාදී ඉගැන්වීම් වල භෞතික එළැඹුමත් නිසි තැනින් අල්ගන්න අයුරුත් දැකිය හැකියි. කිසියම් දෘෂ්ටිවාදයක් පූර්ව නිෂ්චිත කියවී මත බැහැර කරනු වෙනුවට එහි ඇති සමාජ විද්‍යාත්මක ගැඹුර සේකර නිවැරදිව තම කවියට අදාල කරගන්නව.
“ධර්මය වටහා ගත හැකි කෙනෙක් නැතොත්
සත්‍ය දැන ගත හැකි කෙනෙක් නැතොත්
සුන්දර බව දැකගත හැකි කෙනෙකු නැතොත්
පාන් බාගයක් ගන්නට
බස් රියකට නැග ගන්නට
පොර කන තරඟ කරන හටන් කරන සමාජයක
එවැනි ශ්‍රාවක පිරිස් කිසිදිනක ඇතිනොවේ
ධර්මය වටහාගත හැකි
සත්‍ය සුන්දර බව දැක ගත හැකි
උත්තර සමාජයක් ගොඩනැගීමේ මුල් පියවර
කෑමෙන් බීමෙන්
ඇඳුමෙන්
ගෙයින් දොරින්
තෘප්තිමත් වූ ලොවක් තැනීම ය
ඒ සඳහා මම නවතිමි
නැවතී මය ගමන…”
("ප්රබුද්ධ"කාව්‍ය සංග්‍රහය 1977)
ඊට පස්සෙ සේකර මොකක්ද කියන්නෙ.ඔහු දකිනව අපි තදින් අල්ලන ලෞකික පැවැත්මෙ අවුල.
“වික්ටර්
බතක් - වතක් - ගෙයක් දොරක්
ලද පමණින්
රස්සාවක් ලද පමණින්
විමුක්තියක් ලැබිය හැකිද ?
අසහනයෙන් මිදිය හැකිද ?
සංසාරේ නිරන්තරව තැවරී ඇති
දුක එතකින් නිමා වේද... ?”
("ප්රබුද්ධ" කාව්‍ය සංග්‍රහය 1977)
සේකර යළි වරක් කියවන්නැයි මම ඔබට ඇරයුම් කරමි…
රවී සිරිවර්ධන