ප්‍රවීණ සංගීතවේදි ජයතිස්ස අලහාකෝන් මහතා 23දින රාත්රියේදී අභාවප්‍රාප්ත වී ඇත. ඉතාමත් ජනප්‍රිය ගීතයක් වූ දේවානන්ද වෛද්‍යසේකර ශිල්පියා ගැයු සතුට විලයි සැපත මලයි ගීතයේ සංගීත නිර්මාණය මෙතුමාගේය .
1932 මැයි මස 06 වන දින ගම්පහ නිට්ටඹුවේ දී උපත ලැබූ ඔහු , 1946 සිට 1985 කාලය දක්වා කොළඹ මරදානේ ඩාර්ලි පාරේ පදිංචිව සිට ඇත . ඔහුගේ පියා ටීටර් නළුවෙකු මෙන්ම පොඩි පුතා සහ රේඛාව වැනි චිට්රපටවල රග පෑ මාටින් පෙරේරා විය.
1952 වසරේ සිට වේදිකා නාට්‍ය සංගීතය සදහා වාදකයෙකු ලෙස එක්ව ඇති ජයතිස්ස අලහකෝන් මහතා අති දක්ෂ චිත්‍ර ශිල්පියෙකු ද විය . එහෙත් ඔහු මතුව ආවේ විශිෂ්ඨගනයේ සංගීත අධ්‍යක්ෂකවරයෙකු වශයෙනි .
1968 දී ලක්නව් භාත්ඛණ්ඩේ විද්‍යාපීඨයේ මධ්‍යම පරීක්ෂයෙන් සමත්ව ,රජයේ ගුරු පත්වීමක් ලබා දිවයිනේ පැසල් කිහිපයකම සංගීත ගුරුවරයෙකු ලෙසද සේවය කර ඇත . ඔහු අවසන් වරට සේවය කලේ නාරාහේන්පිට පරාක්‍රමභාහු විද්‍යාලයේයි.
කෝළම් ,නාඩගම් , මුද්‍රා නාට්‍ය සදහා සංගීතය නිර්මාණය කර ඇති ඔහු සිංහල චිත්‍රපට කිහිපයක් සදහා ද සංගීතය නිර්මාණය කර ඇත. ඒ අතර ජී.ඩී.එල්. පෙරේරාගේ සාමා දහසක් සිතුවිලි සහ චක්‍රායුධ චිත්‍රපට සදහා ඔහු නිර්මාණය කල අතර සාමා චිත්‍රපටය සදහා මල්ලිකා පෙරේරා ගායනා කරන වනන්තරේ ගල් අරණේ සහ දහසක් සිතුවිලි චිත්‍රපටය සදහා දේවානන්ද වෛද්‍යසේකර ගායනා කල සතුට විලයි සැපත මලයි යන ගීත යුගලය අතිශය ජනාදරයට පත්විය . ආචාර්ය විශාරද නන්දා මාලනී ගායනා කරන කප්සුවහස්කල් , කුරවී කෙවිල්ලන් , යන ගී තනු නිර්මාණයන්ද ජයතිස්සයන් විසින් නිර්මාණය කර ඇත .
වෙස්සන්තර , සිරිසගබෝ, සකුන්තලා , විදුර , ධර්මාශෝක , පද්මාවතී . ශ්‍රි වික්‍රම රාජසිංහ , ඇතුළු නාට්‍ය විශාල ප්‍රමාණයකට සංගීත වාදණයෙන් සහභාගි වු ඔහු රෝහණ පෙරේරා නිර්මාණය කල හුණුවටයේ නාටකය වේදිකා නාට්‍ය සදහා සංගීත නිර්මාණය කළේය, සබකොලන් වේදිකා නාට්‍ය ඔහුගේ නිර්මාණයකි.
ජයතිස්ස අලහකෝන් මහතාගේ දේහය බොරැුල්ල ජයරත්න මල්ශාලාවේ ජනතා ප්‍රනාමය සඳහා තබා ඇති අතර අවසන් කටයුතු සෙනසුරාදා බොරැුල්ල කනත්තේදී සිදුකිරීමට නියමිතය.
අජන්ත අලහකෝන්