ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන උළෙලේ විශේෂ අවස්ථා (ඡායා)
ඇමරිකාවේ ලොස්ඇන්ජලීස් නුවර දී පසුගියදා නිමාවට පත්වුණු 25 වැනි ස්ක්රීන් ඇක්ටර්ස් ගිල්ඩ් සම්මාන උළෙලේ විශේෂ අවස්ථාකිහිපයක් පහතින්,
Mary Queen of Scots සිනමාපටයේ ක්වින් එලිසබෙත් I නම් චරිතය වෙනුවෙන් මාගට් රොබි, හොඳම සහාය රංගන ශිල්පිනියට පිරිනැමෙන සම්මානය උදෙසා නිර්දේශ වුව ද එම සම්මානය එමිලි බ්ලන්ට් හට හිමිවිය.
A Quite Place සිනමාපටයේ රඟපෑ චරිතය වෙනුවෙන් හොඳම සහාය නිළිය සම්මානය දිනු එමිලි බ්ලන්ට්, එම සිනමා කෘතියේ අධ්යක්ෂ මෙන්ම සිය ස්වාමිපුරුෂයා වූ ජෝන් ක්රසින්ක්සි සමඟින්.
හොඳම සහාය රංගන ශිල්පිනිය සම්මානය සඳහා නිර්දේශ ලත් නිළි, එමා ස්ටෝන්. The favourite චිත්රපටය උදෙසා ඇය නිර්දේශ වුවා ය.
සිනමා රාත්රියේ ඉහළම සම්මානයෙන් පිදුම් ලැබූ Black Panther චිත්රපටයේ රංගන ශිල්පින් ශිල්පිනියන්.
Killing Eve ටෙලි මාලාවේ රංගනය උදෙසා රංගන ශිල්පී සැන්ඩ්රා ඕ, රූපවාහිනී ටෙලි නිර්මාණ අංශයෙන් හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන ලැබුවා ය.
හොඳම සහාය රංගන ශිල්පියා ලෙස සම්මාන ලැබූ මහෙර්ෂලා අලි. Green Book සිනමා කෘතිය වෙනුවෙන් ඔහු සම්මානය දිනා ගත්තේ ය.
Crazy Rich Asians නිළි ගෙමා චැන් රතු පලස මතදී...
Wife චිත්රපටයේ රඟපෑ චරිතය වෙනුවෙන් හොඳම රංගන ශිල්පිනිය ලෙස සම්මාන දිනූ ග්ලෙන් ක්ලෝස්ගේ, දෙවැනි SAG සම්මානය මෙය වේ.
සිනමා ක්ෂේත්රය වෙනුවෙන් කළ කැපවීම උදෙසා සම්මානයට පාත්ර වූ ප්රවීන අධ්යක්ෂ මෙන්ම රංගන ශිල්පී ඇලන් අල්ඩා.
ටෙලි අංශයේ ඉහළම සම්මානය දිනු This is Us කණ්ඩායම.
හොඳම රංගන ශිල්පියා රමී මලික් (වම් පසින්)