දෙවැනි ලෝක යුද සමයේ දී කතුවරයාගේ මිත්තණිය සහ මුත්තණුවන්ගේ රැකවරණය ලත් යුදෙව් දැරියකගේ කතාව පාදක කරගනිමින් ලියවුනු “The Cut Out Girl”, කොස්ටා වසරේ සාහිත්‍ය සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
කෘතියේ රචක ඔක්ස්ෆර්ඩ් මහාචාර්ය Bart van Es ට ඒ වෙනුවෙන් පවුම් 30,000 ක් වටිනා මුදල් ත්‍යාගයක් හිමිවිය.
Lien de Jong නම් එම යුදෙව් දැරිය මේ වනවිට 80 හැවිරිදි වියේ පසුවන අතර ඇය පසුගිය 29 වැනිදා ලන්ඩනයේ පැවති සම්මාන උත්සවයට ද පැමිණ සිටියා ය.
අංශ පහකින් තෝරා ගන්නා ජයග්‍රාහකයින් අතුරින් එක් අයෙකුට කොස්ටා වසරේ සාහිත්‍ය සම්මානය පිරිනැමේ. “The Cut Out Girl” එහිදී සම්මාන හිමිකරගත්තේ චරිතාපදාන අංශයෙනි.
එහිදී සම්මාන හිමිකරගත් අනෙකුත් කෘති මෙසේ ය,
හොඳම නවකතාව - සැලී රූනි රචිත Normal People
හොඳම කුළුඳුල් නවකතාව - ස්ටුවට් ටර්ටන් රචිත The Seven Deaths of Evelyn Hardcastle
හොඳම කාව්‍ය සංග්‍රහය - ජෝ මෝගන් රචිත Assurances
හොඳම ළමා කතාව - හිලරි මැක්කේ රචිත The Skylarks’ War