ඒ කන්ද පාමුල 19 වැනිදා ජනගත කෙරෙන වගයි
ප්‍රවීන ගීත රචක බණ්ඩාර ඇහැළියගොඩයන්ගේ දියණිය අමාලි ඇහැළියගොඩ විසින් රචිත “ඒ කන්ද පාමුල” කාව්‍ය සංග්‍රහය ජනගත කිරීමේ උත්සවය එළඹෙන 19 වැනිදා පැවැත්වීමට නියමිත ය.
ඒ එදින සවස 3 ට බත්තරමුල්ල, ජපන් මිත්‍රත්ව පාරේ දියසරු උද්‍යානයේ දී ය.
බුද්ධදාස ගලප්පත්ති, යමුනා මාලනී පෙරේරා සහ මහින්ද ප්‍රසාද් මස්ඉඹුල ජනගත කිරීමේ උළලේ දී අදහස් දැක්වීමට එක්වන අතර ගැයුමෙන් ක්‍රිෂාන්ත එරන්දික, සමන් ලෙනින්, ශෂිකා නිසංසලා, හර්ෂණ දිසානායක, ලක්ෂනා ලක්මිණි සහ සඳුනි සඳරංගා එක් වීමට නියමිත ය.
එදින සංගීතය රන්ජිත් බාලසුරිය විසිනි.