හිට්ලර්ට පණ පෙවූ ප්‍රවීන නළු බෘනෝ ගාන්ස් අභාවප්‍රාප්ත වෙයි
2004 දී තිරගත කරන ලද Downfall සිනමා කෘතියේ හිට්ලර්ගේ චරිතයට පණ පෙවූ රංගන ශිල්පී බෘනෝ ගාන්ස් අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහුගේ වයස අවුරුදු 77 කි.
ස්විස් ජාතික රංගන ශිල්පී බෘනෝ, 15 සිකුරාදා සුරිච් හි පිහිටි සිය නිවසේ දී මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඔහු පිළිකා රෝගී තත්වයක් නිසා පීඩා විඳි බව ද එම වාර්තාවලට අනුව සඳහන් වේ.
ජර්මන් භාෂිත සිනමා නිර්මාණ මෙන්ම වේදිකා නිර්මාණ සඳහා ද වැඩි දායකත්වයක් සැපයු ඔහු The Reader, The Manchurian Candidate වැනි ඉංග්‍රීසි භාෂිත චිත්‍රපට ඔස්සේ ද ජනාදරයට පත්විය.
ඇකඩමි සම්මානයට පවා නිර්දේශ වූ Downfall සිනමාපටයේ හිට්ලර්ගේ චරිතය වෙනුවෙන් සිදු කළ රංගනය නිසා බෘනෝ ගාන්ස් වැඩි ජනප්‍රියත්වයක් අත් කරගත්තේ ය.
ඔහු අවසන් වරට රංගන දායකත්වය ලබාදුන් චිත්‍රපටය වන්නේ The House that Jack Built ය.