ෆාතිමා ශනාස්ගේ “Hope” ජාත්‍යන්තර සිනමා උළෙලකට
ෆාතිමා ශනාස්ගේ තිර රචනයක් සහ අධ්‍යක්ෂණයක් වන “Hope” කෙටි චිත්‍රපටය බෙංගාල ජාත්‍යන්තර කෙටි චිත්‍රපට උළෙලට නිළ වශයෙන් සුදුසුකම් ලබා තිබේ.
උළෙල පෙබරවාරි 24 වැනිදා ඉන්දියාවේ බැංගලෝර් නුවර දී ආරම්භ කිරීමට නියමිත ය.
රටවල් 39 ක නිර්මාණකරුවන්ගේ සහභාගිත්වයෙන් පැවැත්වෙන මෙම සිනමා උළලේ දී සම්මාන 19 කට වැඩි ප්‍රමාණයක් පිරිනැමෙන බව වාර්තා වේ.
හර්ෂි රසංගා, A. උමා, කලයි චෙල්වම්, අනිල් k. විජේසිංහ රංගන දායකත්වය සපයා ඇති Hope හි කැමරා අධ්‍යක්ෂණය විරාජ් ලියනාරච්චි, සංස්කරණය සංඛ මල්වත්ත, සහාය අධ්‍යක්ෂණය ඉඳුවර අර්ථනායක, පසන් කස්තුරි සහ සංගීතය රචික ද සිල්වා අතින් නිම වී ඇත. නිෂ්පාදනය අනෝමා රාජකරුණා විසිනි.