ආලෝකෝ උදපාදී" වලගම්බා රජු සමයේ යුධගිනි මැද නියං සායෙන් නොනැසී ශ්‍රී සද්ධර්මය අන්තර්ගත ත්‍රිපිටකය ග්රන්ථාරූඪකල මහා යථිවරයන්ගේ කථා වස්තුව මත නිර්මාණය වූ දැවැන්ත සිනමා දෘෂ්ටි කාව්‍යයි.
මෙය ජනවාරි 20දින සිට දිවයින පුරා ඊ. ඒ.පී. මණ්ඩලයේ සිනමාහල්වලදී තිරගතවීමට නියමිතය.
මෙම සිනමා නිර්මාණයේ නිශ්පාදන දායකත්වය කැන්ඩි සිටි සෙන්ටර් ආයතනයේ අධිපති තුසිත විජයසේන මහතා වන අතර, තිර රචනය සහ උපදේශක අධ්‍යක්ෂණය ශ්‍රී සිද්ධාර්ථ ගෞතම අධ්‍යක්ෂණය කළ සමන් වීරමන් මහතා ගෙනි
ග මෙම දැවැන්ත සිනමා නිර්මාණයේ අධ්‍යක්ෂණය චත්‍ර විරමන් වන අතර සම අධ්‍යක්ෂණය භාරත ගිහාන් හෙට්ටිආරච්චි විසිනි.
මෑතකාලීන ඉතිහාසයේ වැඩිම පසුතල ප්‍රමාණයක් භාවිතාකරමින් නිෂ්පාදනය කළ මෙම සිනමා නිර්මාණයේ සංගීතය නව පරපුරේ සංගීතවේදී මිලින්ද තෙන්නකෝන් ගෙනි.
කැමරාකරණය ප්‍රභාත් රෝෂන් ගෙනි. සංස්කරණය ශාන් අල්විස් ගෙනි.
විශේෂ දෘෂ්ඨි ප්‍රයෝග භාවිතා කර ඇති මෙම සිනමා පටයේ ත්‍රිමාණ සජීවිකරණයද ශ්‍රී ලාංකීය චිත්රගාරයක සිදුකිරීම විශේෂත්වයකි.