ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා අභාවප්‍රාප්ත වෙයි
ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී ජයතිලක ද සිල්වා ඊයේ (26) දින අභාවප්‍රාප්ත වී තිබේ.
මියයන විට ඔහු 80 හැවිරිදි වියේ පසුවිය.
ගත්කතුවරයකු, දේශපාලන ක්‍රියාධරයකු සහ අධ්‍යාපනඥයකු ලෙස කටයුතු කළ එතුමා, කාල් මාක්ස්ගේ දාස් කැපිටාල් සම්පුර්ණ කෘතිය ප්‍රාග්ධන නමින් සිංහලයට පරිවර්තනය කළේ ය.
ඔහුගේ දේහය අංක 42/2, දෙවැනි පටුමග, කොස්වත්ත පාර, නාවල පිහිටි නිවසේ තැම්පත් කර ඇති අතර දේහය පිළිබඳ අවසන් කටයුතු නාවල කනත්තේ දී හෙට (28) සිදු කෙරේ.