සිනමා සංස්කෘතියේ පෝෂණය උදෙසා ශ්‍රි ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව විසින් “සිනමා කතිකාව” නමින් වැඩසටහනක් සංවිධාන කර තිබේ.
මෙය සෑම මසකම අවසන් බදාදා දින පස්වරු 3.00 සිට 6.00 දක්වා පැවැත්වීම කටයුතු යොදා ඇත.
සිනමා කතිකාවේ ආරම්භය අද දින එනම් පෙබරවාරි 27 කොළඔ 07, හෙක්ටර් කොබ්බෑකඩුව ගොවි පර්යේෂණ ආයතනයේ දි පැවැත්වෙන අතර එහිදී මහාචාර්යය පැට්රික් රත්නායක විසින් ''චිත්‍රපටිය මූලික වු මහා සිනමාව'' යන තේමාව යටතේ දේශනයක් සිදු කිරීමට නියමිත ය.
මේ සඳහා සහභාගී වන මෙන් සිනමාවට ලැදි ඔබට ශ්‍රි ලංකා ජාතික චිත්‍රපටි සංස්ථාව ආරාධනා කර සිටි යි.
ඉදිරි වැඩසටහන් පිළිවෙල පහතින්,
2019 මාර්තු 27 දින මහවැලි කේන්ද්‍රය - ආචාර්ය සුනිල් රණසිංහ -
තේමාව - 21 වන සියවසේ සිනමාව
2019 අප්‍රේල් මස 24 වන දින මහවැලි කේන්ද්‍රය -ආචාර්යය ටියුඩර් වීරසිංහ -
තේමාව -සංඛ්‍යාංක දාෂ්‍ය සංස්කෘතික අවදියේ සිනමා රසවින්දනයේ විශේෂතා
2019 මැයි මස 29 දින තරංගනි සිනමා ශාලාව - ප්‍රවින විත්‍රපට අධ්යක්ෂ විමුක්ති ජයසුන්දර -
තේමාව - ජීවිතය දර්ශනය හා සිනමාව
2019 ජුනි මස 26 දින තරංගනි සිනමා ශාලාව - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ප්‍රියංකර රත්නායක -
තේමාව - සිනමා රූපය
2019 ජුලී මස 31 දින තරංගනි සිනමා ශාලාව - සිනමා විචාරක සමන් වික්‍රමාරච්චි -
තේමාව - සිනමාව විපරාත කලාවක්ද?
2019 අගෝස්තු මස 28 දින තරංගනී සිනමා ශාලාව - මහාචාර්ය පැටිට්රික් රත්නායක -
තේමාව - ශ්‍රි ලාංකේය සිනමාවේ සාධනීය ප්රවනතා හඳුනා ගැනීම
2019 සැප්තැම්බර් 25 දින 25 දින තරංගනි සිනමා ශාලාව - ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ලොකුලියන - තේමාව - දේශීය සිනමාව කලාවක් හා කර්මාන්තයක් ලෙස
2019 ඔක්තෝබර් මස 30 දින තරංගනි සිනමා ශාලාව - මහාචාර්ය පැටිට්රික් රත්නායක -
තේමාව - සිනමා කර්මාන්තයේ ප්‍රවර්ධනයට අධ්‍යාපනයේ බලපැම
2019 නොවැම්බර් මස 27 දින තරංගනි සිනමා ශාලාව - මහාචාර්ය ආරියරත්න ඇතුගල -
තේමාව - සිනමාවේ නිර්මාණාත්මක ප්‍රවේශය ප්රස්තුත ගවේෂණය
2019 දෙසැම්බර් මස 26 දින ( බ්‍රහස්පතින්දා) තරංගනි සිනමා ශාලාව - චිත්‍රපට අධ්යක්ෂ අශෝක හඳගම -
තේමාව - තර්කෝස්කිගේ ''දර්පනය'' අභිමුව සිට ජිවිත දැක්ම