රේමන්ඩ්ගේ නැටුම් ගුරුවරී එළියට
60 දශකයේ සමනළයෝ සංගීත කණ්ඩායම තුළින් බිහි වූ ගායන ශිල්පී රේමන්ඩ් ෆොන්සේකා වසර 52කට පෙර ගැයූ ජනප්රිය ගීත සමුච්චයක් නව සංගීත නාද රටාවන්ගෙන් ඔපවත් කර තිළිණ කරන “නැටුම් ගුරුවරී” සංගීත තැටිය පසුගියදා එළිදක්වනු ලැබී ය.
එකල අතිශයින් ජනප්රිය වූ “නැලවෙන මව් උකුලේ”, “සෝභන සැන්දෑවේ”, “බිනරමලී ඔබ හැඩයිනේ”, “මෑතක සිට ඔබ මා දෙස”, “නැටුම් ගුරුවරී”, “පෙරහර”, “පැද්දී මේ ඔරුව”, “නාමලී නාමලී” ඇතුළු රසාලිප්ත ගීත රැසක් මෙම සංගීත තැටියට අන්තර්ගතව ඇත.
1967 වසරේ දී සමනළයෝ සංගීත කණ්ඩායම විසින් ගැයූ ගීත ඇතුළත් “නැලවෙන මව් උකුලේ” ඊ.පී. තැටිය, ලංකාවේ එළිදැක්වූ පළමුවන ඊ.පී. තැටිය ද වේ.
නැටුම් ගුරුවරී නව සංගීත නිර්මාණය මහින්ද බණ්ඩාර සමඟින් වජිර රත්නායකගෙනි.
ඇන්ටන් ජේ. ප්රනාන්දු