“බෝම්බයක් ඉතුරුයි” අද එල්ෆින්ස්ටන් රඟහලට
සම්මානිත වේදිකා නාට්‍ය අධ්යක්ෂ චාමික හත්ලහවත්තගේ නවතම වේදිකා නිර්මාණය “බෝම්බයක් ඉතුරුයි” අද එනම් 28 වැනිදා සවස 6.30 ට එල්ෆින්ස්ටන් රඟහලේ දී රංගගත කිරීමට නියමිත යි.
ගිහාන් ප්‍රනාන්දු, උමයන්ගනා වික්‍රමසිංහ, සරත් කරුණාරත්න, ප්‍රදීප් රාමවික්‍රම, සිළිඳු රන්වල, ජිතේන්ද්‍ර විද්‍යාපති චරිත මවන මෙම වේදිකා නාට්‍යය නිරෝෂ් කවිරත්නගේ නිෂ්පාදනය කි.
හොඳම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන 8ක් දිනූ “හරි අපූරු දවසක්”, රාජ්‍ය සම්මාන 9 ක් දිනූ “මකරට”, හොඳම නාට්‍ය ඇතුළු රාජ්‍ය සම්මාන 10 ක් දිනූ “රජා මං වහලා” චාමික හත්ලහවත්තගේ අනෙකුත් වේදිකා නිර්මාණ වේ.