-සුනාමියෙන් අතුරුදන් වූ දරුවෙක්ව පදනම් කර ගනිමින් මං විසින් ලියන ලද මෙම කතාවේ පිටපතක් 2017 අප්‍රේල් 1 වනදා , Dialog Axiata ආයතනයේ Content Director වන Zuhair A.M. Zihar මහත්මාට මා විසින් ලබා දෙන ලදී. එම කතාවේ අන්තර්ගතය ඔබට ඉදිරිපත් කරමි.-
“සුනාමි” ගැන අපිට කතා කරන්නට සිදු වුයේ මින් වසර 15කට පෙරාතුව යි.
නමුත් “සුනාමි” පසුගිය වසරේ දී සිනමා ක්ෂේත්රය තුළ ද කතා බහට ලක්වූ මාතෘකාවක් බවට පත්වුණා. ඊට මූලික වුණේ එ නමින් සිදු කෙරෙන සිනමා නිර්මාණයක්.
තමන්ගේ තිර රචනයක් තම අනුදැනුමකින් තොරව චිත්‍රපටයක් තැනීම සඳහා යොදා ගත්තේ යැයි නඩරාජා මනිවානන් නම් සිනමා සහ ටෙලි නාට්‍ය රචකයා ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂක ආචාර්ය සෝමරත්න දිසානායක වෙත චෝදනා එල්ල කර තිබුණා.
එම චෝදනා සියල්ල ප්‍රතික්ෂේප කළ සෝමරත්න දිසානායක ප්‍රකාශ කර තිබුණේ තමාට සිදුවූ අපහාසයට එරෙහිව නීතිමය මාර්ගයෙන් ක්‍රියාකරන බවයි.
කෙසේ වෙතත් තමන් ලියූ “සුනාමි” පිටපත ෆේස්බුක් සමාජ මාධ්‍ය ඔස්සේ පළ කරන්නට නඩරාජා මනිවානන් පසුගියදා කටයුතු කර තිබුණා.
එම පිටපත පහතින්,
“මෙන්න මං විසින් ලියන ලද සුනාමි කතාව.
සුනාමියෙන් අතුරුදන් වූ දරුවෙක්ව පදනම් කර ගනිමින් මං විසින් ලියන ලද මෙම කතාවේ පිටපතක් 2017 අප්‍රේල් 1 වනදා , Dialog Axiata ආයතනයේ Content Director වන Zuhair A.M. Zihar මහත්මාට මා විසින් ලබා දෙන ලදී. එම කතාවේ අන්තර්ගතය ඔබට ඉදිරිපත් කරමි.
අම්මෙ මං.,
ලස්සන කුඹුරක් මැද එම ගෙය පිහිටා තිබිණි. එම ගෙදරෙහි ආලින්දයෙහි සිනාමුසු මුහුණකින් යුත් ළමයෙකුගේ පින්තූරයක් එල්ලා තිබේ. එම ළමයාගේ නම මධුෂිකාය. එම පින්තූරය පාමුල කුඩා පහනක් දැල්වෙන අතර එළියෙන් හමා එන සුළගත් සමඟ එය සටනක යෙදී සිටින්නේ තවදුරටත් දැල්වෙනවාද නැද්ද යන්න සම්බන්ධවයි. සෑමදාම, කල්පනා ගෙහි දොරකොඩ අසතුටු මුහුණකින් යුතුව වාඩි වී සිටී. කල්පනාගේ සිතිවිලි මධුෂිකාගේ මතකයෙන් සුනාමියක් මෙන් කැළඹෙමින් තිබේ.
මධුෂිකා දේව දූතිය ග්රාතමීය රෝහලේදී උපත ලබන ලදි. ඇයගේ මොලකැටි අත්දෙක කල්පනා විසින් සිය නෙත්මත තබාගන්නේ ඉමහත් සෙනෙහසිනි. මධුෂිකාගේ වයස දැන් අවුරුදු තුනකි. මධුෂිකා පය පැකිලෙමින් දුවන අයුරු කල්පනා රසවිඳිමින් බලා සිටී. සරත්ද මධුෂිකාගේ පසුපස දිව යයි. එකෙනෙහිම මධුෂිකා දේව දූතියගේ පය පැකිලී වැටෙන අතර එය දකින කල්පනාගේ පපුව ඇවිලී කෑගසමින් නැගී සිටී. සරත්ද ඒ අයිනක සිටගෙන සිටී.
කල්පනා නැවතත් පියවි ලෝකයට එන ලදි. සරත් කල්පනාව අතින් අල්වාගෙන ඔවුන් දෙදෙනා මධුෂිකාගේ මතකය සමඟ ගෙතුළට යයි.
මධුෂිකාගෙන් තොර රැයවල් සියගණනක් ගෙවී යන ලදි. ඇය නොමැති අද රැයත් ඔවුන්ට අමිහිරි රැයකි. ඇය නොමැති දා පටන් අද වනතුරු ඔවුන්ට සුව නින්දක් නොලැබිණි. ශරීරයේ මහන්සියත් සමඟ ඔවුන් දෙදෙනා නින්දට යන ලදි. ”මධූ..මධූ...” කල්පනා කෑගසමින් නැගිට වාඩිවිය. මෙය අලූත් දෙයක් නොව, සෑම රැයකම මෙය මෙසේ සිදු වේ. සරත් නැගිට කල්පනා සිය ඔඩොක්කුවෙහි නිදි කරවයි.
කල්පනාගේ දෑසින් කදුළු බේරේ. කල්පනාගේ මතකය 2004 වර්ෂය දක්වා ඈතකට දිව යයි.
කල්පනා එදින ත්‍රි.කුණාමලයේ පිහිටි සිය අයියාගේ ගෙදරට ආ අතර උදෙන්ම නැගිට සිය දේව දූතිය වන මධුෂිකාව වඩාගෙන මුහුද පැත්තට යන්නේ එහි වූ ස්වභාව සෞන්දර්යය පෙන්වීමටයි. එකනෙහිම මුහුදු වෙරළෙහි වූ මිනිසුන් කෑ ගසමින් දුවන අතර එහි සිදුවන්නේ කුමක්දැයි නොදැන කල්පනා හා මධුෂිකාද එම පිරිස සමඟ දිව යයි. කල්පනා හා මධුෂිකා මහත් ආසාවෙන් බලන්නට ගිය මුහුදම රකුසෙකු වී ඔවුන් පසුපස පන්නා ආවේ ඔවුන්ව ගිලගැනීමට මෙන්ය. මෙහි සිදුවන්නේ කුමක්දැයි සිතාගත නොහැකිව මධුෂිකා හා කල්පනා දුවන්නට සැරසෙත්ම එකෙනෙහිම කල්පනාව ලොරියක ගැටිණි.
කල්පනාට සිහිය පැමිණ දෑස් විවර කරන විට ඇය සිටින්නේ රෝහලක බව ඇයට දැනිණි. ඇයගේ ශරීරය බෙහෙවින් තුවාල වී ඇති අතර ඒවාට බෙහෙත් ගල්වා තිබුණි. මේ වෙලාවේ ඇයට සේලයින්ලබාදේ. සෑම තැනකම අඬමින් කෑ ගසන ශබ්දය ඇයට ඇසේ. කල්පනාට නැවතත් ක්ලාන්තයක් එන සේයාවක් දැනේ. කල්පනා වටපිට බලන විට සරත් ඇයගේ අත දැඩිව අල්ලාගෙන සිටී. කල්පනා අවට ඇයගේ ඥාතීන් පැමිණ බලා සිටී. කල්පනා සරත් දෙස බලා ”මධූ කෝ..” යනුවෙන් අසන විට සරත් ඉකිබිඳ හඬන්නට පටන් ගනී. ඒ අතර කල්පනා අවට සිටි ඥාතීන්ද හඬන්නට වූයෙන් කල්පනා නැවතත් සිහි මුර්ජා විය.
මධුෂිකාව සුනාමිය යන රකුසා විසින් ගෙනගොස් දැනට වසර දහයක් ගෙවී ගොස් ඇත. නමුත් මධුෂිකා කොහේ හෝ පණ පිටින් සිටීදැයි යන බලාපොරොත්තුව තවමත් ඔවුන්ගේ සිත්තුළ පවතී.
එදා එක දවසක්, මේසය උඩ තිබුණු පුවත්පත රැගෙන කුමක් හෝ බැලීමට සිතු කල්පනා පුවත්පත රැගෙන පිටු පෙරළන ලදි. ඒ අතරතුර පුවත්පත බැලූ කල්පනා එකනෙහිම වික්ෂිප්තව ගල්ගැසෙන ලදි. තමා කරන්නේ කුමක්දැයි ඇයට වටහාගත නොහැකිය. ඇය කෑ ගැසීමට උත්සාහ කළත් ඇයගේ මුවින් වචන පිට නොවේ. ඇයගේ හිස කැරෙකෙනවා මෙන්ය. ඇය සෙමින් පුටුව අල්ලාගෙන පොළොවෙහි වාඩි විය. එය දකින සරත් වේගයෙන් දිව විත් කල්පනා අල්ලාගෙන බිම වැටුණු පුවත්පත දෙස බැලීය. සරත්ගේ දෑස කඳුලින් තෙත් විය. ”අනේ මගේ දුවේ.... ඔයා කොහේද ඉන්නේ මගෙ රත්තරන් පැටියෝ..” කියමින් කෑගසා හඬන්නට විය.
ඒ පුවත්පතෙහි ‘අපි ලාංකිකයෝ‘ නැමති සිරස්තලය යටතේ ශ්‍රී ලංකා ජාතික කොඩිය රැගෙන ළමයින් තුන් දෙනෙකු සිය වාර්ගික අනන්‍යතාවන් විඳහා දැක්වෙන පරිද්දෙන් සැරසී සිනාසී සිටී. එක් ළමයෙක් ආර්ය සිංහල ඇදුමින් සැරසී සිටින අතර තවත් ළමයෙක් ඉස්ලාම් ඇදුමින් සැරසී සිටී. තවත් ළමයෙක් දෙමළ පාරම්පාරික ඇඳුමින් නළලෙහි විභූති හා මොට්ටුවක් තබාගෙන කොණ්ඩයෙහි පිච්චමල් ගසාගෙන අතෙහි ජාතික කොඩිය දරාගෙන සිටගෙන සිටී. එම ළමයාගේ අතෙහි මැණික් කටුව ළඟ කුඩා කකුළුවන් හැඩැති උපන් ළපයක් පැහැදිලිව දක්නට ලැබේ. එම උපන් ළපය මධුෂිකාගේ අතෙහි වූ උපන් ළපය බව කල්පනා හා සරත් හට සිහිවීමෙන් ඔවුන් විමතියට පත්විය. එදා වයස අවුරුදු තුනේදී සුනාමිය නිසා අතුරුදහන් වූ සිය දියණිය දැන් වයස අවුරුදු දහ තුනක දමිළළමයෙකු ලෙස සැරසී සිටින බව සිතූ ඔවුන් එම දැරිවිය සෙවීම සඳහා කටයුතු කරයි.
සරත් යනු කුඹුරු වැඩකරන සාමාන්‍ය ගොවියෙකි. ඔහුට කළයුත්තේ කුමක්ද යන්න සිතාගත නොහැකිය. තමන්ට සෑමදාම කරදරයක් වූ වෙලෙහි උපදෙස් ගන්නා විශ්රායමික ගුරුවරයා වෙත ඔහු ගොස් මෙම සිදුවීම කියා සිටී. සිදුවීම දැනගත් විශ්රාලමික ගුරුවරයා එම දැන්වීම පළකළ පුවත්පත් ආයතනය සමඟ දුරකතනයෙන් කතාකර එම ජායාරූපය ගත් ජායාරූපය ශිල්පියාගේ දුරකතන විස්තර ඉල්ලා ලබා ගනී. ඒ ගුරුවරයා විසින් ලබාගත් දුරකතන අංකයට කතා කර විස්තර අසන විට ඒ ජායාරූපය ශිල්පියා කියා සිටියේ එම ළමයින් තිදෙනා එක් පාසලක විදුහල්පතිවරයෙකු විසින් එදින රැගෙන එන ලද බවයි. එම විශ්රායමික ගුරුවරයා විසින් විදුහල්පතිවරයාගේ විස්තර අසා ලබා ගන්නා ලදි. එම විදුහල්පතිගේ නම ගණපති පිල්ලේ මහේන්ද්‍රන්ය. ඔහු මඩකලපුවේ තිබෙන රජයේ පාසලක විදුහල්පතිවරයෙකු ලෙස සේවය කරයි.
මෙම තොරතුරු සොයාගත් සරත් මධුෂිකා සොයාගෙන මඩකපුවට යාමට සූදානම් වේ. අම්පාරේ නොදියුණු ගමක උපන් සරත්ට දෙමළ භාෂාව යනු හතුරන් හා සමානය. එහෙත් ඒ සියලූ දේ තම දරුවා වෙනුවෙන් ඉවසා දරාගැනීමට ඔහු තීරණය කරයි. සරත් ගමේ සිටින යම් ප්රටමාණයකට දෙමළ භාෂාව වැටහෙන සිංහල තරුණයෙකු සමඟ මඩකලපුව බලා පිටත් විය.
ඒ අතර මධුෂිකා දියණිය සොයාගැනීමට හැකියාව ලැබෙන්නට කියා කල්පනා පන්සලට ගොස් ආගමික වතාවත් වල නිරතවේ.
බොහෝ කලකට පසු මඩකලපුවට පය තබන සරත් හට එහි සිටි කිසිවෙකුවත් නොරිස්සන ලදි. ඊට හේතුව නම් දෙමළ මිනිසුන් යනු සිය හතුරන්ය යන අදහස හෝ මෙතුවක් කාලයක් තම ආදරණීය දියණිය මඩකලපුවේ මිනිසුන් විසින් තමාගෙන් දුරස් කොට තබාගත්තේය යන හේතුවද විය හැකිය. කෙසේ වෙතත්, මධුෂිකා ඉගෙන ගන්නා පාසල සොයාගෙන සරත් හා අනෙක් තරුණයා එම පාසලට පැමිණෙන ලදි.
පාසලේ මුරකරුගෙන් අවසරය ලබාගන්නා ඔවුන් පාසලේ විදුහල්පතිවරයා වන මහේන්ද්‍රන්ව මුණ ගැසෙයි. පුවත්පතේ ඇති ඡුායාරූපය පෙන්වමින් එම ළමයා තමාගේ දියණිය වන මධුෂිකා බවත් ඇයව බැලීමට අවසර ලබා දෙන ලෙසත් සරත් ඉල්ලා සිටින ලදි. එහෙත් දෙමාපියන්ගේ අනුමැතියකින් තොරව සරත් හට අදාළ ළමයා බැලීමට ඉඩදිය නොහැකි බව පවසන විදුහල්පතිවරයාගේ මෙම ප්රාතිචාරයෙන්කෝපයට පත්වන සරත් විදුහල්පතිතුමාට පහරදීමට උත්සාහ කරයි. එම හේතුව මත විදුහල්පතිවරයා ඇතුළු එහි කාර්ය මණ්ඩලය සරත්ව හා අනෙක් තරුණයාව පාසලෙන් එළියට දමයි. සරත් විදුහල්පතිට බැණවදිමින් පාසැලින් එළියට යනවිට විදුහල්පතිවරයා සිය ජංගම දුරකථනය රැගෙන පවසන්නේ ”සරත් කියලා කෙනෙක් දර්ශිනි හොයාගෙන ආවා. ඒ නිසා දරුවාව පරෙස්සම් කරගන්න” යනුවෙන් පවසා ඇමතුම විසන්ධි කරන ලදි.
මෙම සිදුවීමෙන් පසුව දින කීපයක් පුරා සරත් හා අනෙක් තරුණයා පාසල අසළ ගැවසෙමින් අදාළ පින්තූරය දෙස හා පාසලින් එළියට පැමිණෙන ළමුන් දෙසද බලමින් මධුෂිකාව සොයාගැනීමට උත්සාහ කරයි. එහෙත් ඔවුන් ඊට අසමත් වේ. දවස් ගණනක් ගත වූ පසුව දමිළ භාෂාව දන්නා සරත් සමඟ පැමිණි සිංහල තරුණයා පවසන්නේ මේ පිළිබඳව මඩලපුව පොලිස් ස්ථානයේ පැමිණිල්ලක් ගොනුකිරීම යෝග්‍ය වන බවයි. ඔවුන් අදාළ පැමිණිල්ල මඩකලපුව පොලීසියට සිදු කරයි. ඒ පැමිණිල්ලේ සඳහන් වන්නේ ”මේ පුවත්පතේ සිටින ළමයා සිය දියණිය වන බවත් එම දියණිය බැලීමට පාසලේ විදුහල්පතිවරයා අවසර නොදෙන බවත් එබැවින් එම දරුවා හමුවීමට අවසර ලබාදෙන ලෙසත්ය”. පොලිසියේ ස්ථානාධිපතිවරයා සිංහල ජාතිකයෙකු වූ අතර සරත්ගේ මෙම තත්වය දැක ඔහු කෙරෙහි අනුකම්පාවක් පොලිස් ස්ථානාධිපතිවරයාට හටගන්නා ලදි. ඔහු සරත්ට පොරොන්දු වන්නේ මේ සම්බන්ධයෙන් සරත්ට උදව් කළ හැකි බවය. ඒ අනුව ඔහු විදුහල්පතිවරයා මුණගැසී මේ පිළිබඳව ප්ර්ශ්නකර සිටී. විදුහල්පතිවරයා පොලිසියට බයෙන් දර්ශිනී ජීවත්වන නිවසේ ලිපිනය පොලිසිය වෙත ලබා දේ.
එය මඩකලපුව නගරයෙන් තරමක් ඈතීන් පිහිටි සුන්දර ගම්මානයක් වූ අතර ගමේ මිනිසුන්ගේ බොහෝ ආදරය දිනාගත් හා ගමට බෙහෙවින් සේවය කරන එහි ශ්රිමසේවකවරයා වන කනගරත්නම්ගේ නිවසය. එම නිවස තුළ සරත් සොයාගෙන එන මධුෂිකා මෙන්්වන න ම කනගරත්නම් හා ඔහුගේ බිරිඳ දැඩිව ආදරය කරන දර්ශිනී ජීවතිවසය. පොලිසිය සමඟ සරත් හා ඔහු සමඟ ආ තරුණයාද එම නිවසට පැමිණේ.
දර්ශිනීව සරත් හට පෙන්විය යුතු බවට පොලීසිය විසින් කනගරත්නම් හට තරමක් දැඩි ස්වරයෙන් කියා සිටී. කනගරත්නම් ඉතා මෘදු චරිතයක් ඇත්තෙකු වුවත් මෙම සිදුවීමේදී සිය දියණිය වන දර්ශිනීව සරත් හට පෙන්වීමට නොහැකි බවට වන ස්ථාවරයේ සිටී. පොලීසිය උත්සාහ කරනුයේ කෙසේ හෝ මෙම දර්ශිනීව සරත් හට පෙන්වීමටය. එහෙත් එය අසමත් වේ. නමුත් සරත් දර්ශිනීව කෙසේ හෝ සිය නිවසට ගෙන යනවාය යන දැඩි අධිෂ්ඨානයෙන් යුතුව නැවතත් තම ගමට පිටත් වේ.
මේ සිදුවූ සියලූ සිදුවීම් නිවස තුළ සිටි කනගරත්නම්ගේ බිරිඳ හා දර්ශිනී බලා සිට කනගරත්නම්ගේ බිරිඳ දර්ශිනීව බදාගෙන හඬන්නට පටන් ගත් අතර කනගරත්නම් නිවස තුළට පැමිණීමෙන් පසු දර්ශිනී ඔහුව බඳාගෙන හඬන්නට පටන් ගනී. දර්ශිනීගේ එම හැඞීම හා වැළඳ ගැනීම තුළ කිසියම් හෝ දෙයක් මෙහි සිදුව ඇති බවත් නමුත් තමා මොවුන්ගෙන් මිදීමට අකමැති බවක් ඇය හඟවන බව කනගරත්නම් හට දැනෙන්නට විය.
පසුදා දවස දර්ශිනිගේ නිවස අසළ නන්නාදුනන පුද්ගලයින් කිහිප දෙනෙක් ගැවසෙන්නට විය. මෙය දුටු කනගත්නම් බියට හා කලකිරීමට පත්ව තමන් හඳුනන ගමේ තරුණයින්ට පණිවිඩයක් යවන්නේ තම නිවස අසළ යමක් හෝ සිදුවන බවත් ඔවුන්ට රැකවරණය දීමට පැමිණෙන ලෙසත්ය. කනගත්නම්ගේ නිවස අසළ රැස්වන ගමේ තරුණයින් අතර හා පෙර කී නන්නාදුනන පුද්ගලයින් අතර ගැටුමක් හටගනී. මෙම නන්නාදුනන පුද්ගලයින් පසුපස සිටින සරත් කෑ ගසන්නේ මධුෂිකා තමන් අතට පත්වනතුරු මෙහි සිටින කිසිවෙකුටවත් යහතින් සිටීමට ඉඩ නොතබන බවයි. මේ සෑම දෙයක් දෙසම සරත් සමඟ ලොරියෙන් ආ කල්පනා දුක්මුසුව බලා සිටී.
කවුරුත් නොසිතනා පරිදි එම ස්ථානයට පොලිසිය පැමිණෙයි. පොලිසිය පැමිණ අදාළ පාර්ශ්වයන් දෙකටම බැටන් පොලූ ප්රනහාර එල්ල කර ඔවුන් විසුරුවා හරී. ඒ අතරතුර කල්පනා දුවවිත් මිදුලේ සිටින කනගරත්නම්ගේ බිරිඳගේ කකුළෙහි එල්ලෙමින් ”අනේ මගෙ දුව බලන්න දෙන්න” යැයි හැඞීමට පටන් ගනී. මෙය දකින සරත් කල්පනාව ඇදගෙන එතැනින් පිටත් වේ.
සති කීපයකින් පසුව කනගරත්නම්ගේ නිවසට උසාවියෙන් ලියුමක් ලැබේ. එය එන්තරවාසියක් වූ අතර එහි දැක්වෙන්නේ ”දර්ශිනී සිය දියණිය බවත් ඇයගේ සමස්ථ නීත්‍යානුකූල අයිතිය සරත්ට ලබාදෙන ලෙස දක්වමින් ඊට අදාළ නඩුවට පෙනී සිටින ලෙසයි”.
දින කීපයකට පසු අදාළ නඩු කටයුතු ආරම්භ වේ. නඩුවේ පළමු දින සරත් ඇතුළු පාර්ශවය ඉදිරිපත් කරන ලද තොරතුරු ප්රවමාණවත් නොවන බව දක්වන අධිකරණය අදාළ නඩුව විභාගයට ගත නොහැකි බව දන්වා සිටී. සරත්ගේ නීතිඥයා මේ සම්බන්ධව අධිකරණයෙන් අයැද සිටින්නේ ප්‍රමාණවත් කරුණු සමඟ නැවතත් මෙම නඩුව පවරීමට ඉඩ ලබාදෙන ලෙසයි. මෙම ඉල්ලීම සඳහා අධිකරණය විසින් අවසර ලබා දේ.
ප්රකමාණවත් කරුණු ඉදිරිපත් කිරීම මත නඩුව විභාගයට ගැනීමට අධිකරණය තීරණය කරන අතර වඩාත් උණුසුම් අන්දමේ වාද විවාද මාධ්යැයේ ජනමාධ්යසයේද අවධානය දිනා ගනිමින් මෙම නඩුවේ කටයුතු පැවැත්වේ. නඩුව අතරතුරදී අධිකරණය කනගරත්නම් හට නියෝග කරනුයේ දර්ශිනීව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි. දර්ශිනී රෝගාතුරව පසුවන බව දක්වමින් ඊළඟ නඩුවාරයේදී ඇයව ඉදිරිපත් නොකිරීමට කනගරත්නම් ක්රිනයා කරයි. අධිකරණය කනගරත්නම් හට තරයේ නියෝග කර සිටින්නේ අනෙක් නඩුවාරයේදී දර්ශිනීව අනිවාර්යෙන්ම අධිකරණයට ඉදිරිපත් කළ යුතු බවයි. අවසාන නඩු විභාගයේදී කනගරත්නම් විසින් දර්ශිනීව අධිකරණයට ඉදිරිපත් කරයි. විත්තිකූඩුවේ සිටින දර්ශිනීව කල්පනා හට පෙනෙනුයේ දසවසරකට පෙර තම දියණිය වන මධුෂිකා එහි සිටගෙන සිටින ලෙසය. මෙයින් කල්පනා කෑගසා හඬන්නට වූයෙන් අධිකරණයේ සිටි පිරිස ඇයව ඉන් පිටතට රැගෙන යයි. මෙම නඩු විභාග දිනයෙන් පසුව තීන්දු ප්රිකාශය ලබාදීම සඳහා අධිකරණය විසින් දින නියම කරනු ලබයි.
නඩුවේ තීන්දුව මෙසේය. ”2004 ඇති වූ සුනාමියෙන් අතුරුදහන් වූ මධුෂිකා යනු වර්තමානයේ කනගරත්නම්ගේ නිවසේ ජීවත්වන දර්ශිනී බවත් වහාම ක්රිමයාත්මක වන පරිදි ඇයව සරත්ගේ පවුල වෙත ලබා දිය යුතු බවත් මධුෂිකාව නීත්‍යනුකූල නොවන ආකාරයට මෙතෙක් කල් කනගරත්නම් විසින් රඳවාගෙන සිටීම නීතිවිරෝධී වන බැවින් ඔහුට එරෙහිව විමර්ශනයක් ආරම්භ කිරීමටත් නියෝග කර සිටී”.
අධිකරණ ශාලාවෙන් පිටත රැඳී සිටින ජනමාධ්‍යවේදීන් සිංහල වචනයක්වත් නොදන්නා දර්ශිනී නොහොත් මධුෂිකා යන මෙම දියණිය නැවතත් සිය සැබෑ දෙමාපියන් වෙත ලබාදීමේ උත්තම මොහොත එළඹෙන තුරු නොඉවසිල්ලෙන් බලා සිටී. සරත් විසින් කනගරත්නම් ළඟ සිටින දර්ශිනී නොහොත් මධුෂිකා වන සිය දියණිය තමාගේ පසට ඇදගෙන පැමිණෙයි. දර්ශිනී නොහොත් මධුෂිකා කෑ ගසනුයේ ”නාන් පෝහමාටන්... නාන් පෝහමාටන්.. (මට යන්න බෑ.. මට යන්න බෑ...)” කියාය. සරත් සිය දියණියව වඩාගෙන සිය පපුවෙහි හොවාගන්නා අතර කල්පනා දුවවිත් ඔවුන් දෙදෙනාම බදා ගනී. අනෙක් පස සිටින කනගරත්නම් මෙම සිදුවීම දරාගත නොහැකිව ක්ලාන්ත වීබිම ඇද වැටේ.
මධුෂිකාව රැගෙන සරත් හා කල්පනා අම්පාරෙහි සිය ගමට පිටත් වන අතර ගමෙහි මොවුන් පිළිගැනීම සඳහා විශාල උත්සවයක් සංවිධානය කර තිබේ. මේ කිසිවක් මධුෂිකාට දරාගත නොහැකි අතර සිංහල වචනයක්වත් නොතේරෙන ඇයට සරත් හා කල්පනාව පෙනෙනුයේ හතුරන් ලෙස වන අතර මින් බොහෝ කම්පනයකට මධුෂිකා පත් වේ.
මාස තුනක් ගත වූවද මධුෂිකාගේ හැසිරීමෙහි කිසිඳු වෙනසක් නොවූ අතර සරත් හා කල්පනාව සිය දෙමව්පියන් ලෙස පිළිගැනීමට ඇය තවමත් සූදානම් නැත. මධුෂිකා සරත් හා කල්පනා සමඟ වචනයකුදු කතා නොකරන අතර ආහාර ගැනීමද ප්ර්තික්ෂේප කර සිටී. තම දියණිය දස වසරකට පසුව තමා වෙත ලැබුණත් දියණියගේ මෙම වෙනස් හැසිරීම නිසා කල්පනා තවතවත් දුකට පත්විය.
මේ අතර මඩලපුවේ ඇති කනගරත්නම්ගේ නිවස මළගෙයකට හා සමාන අයුරින් දිස් වේ. එහි වූ කිසිවෙකුවත් කිසිඳු සතුටකින් නොවූ අතර දර්ශිනීගේ මව කිසිවක් සිදුනොකර ඇදටම වී බලාගත්වනම සිටී. එකෙනෙහිම කනගරත්නම්ගේ නිවසේ දොරට කවරෙකු හෝ තට්ටු කරන හඬක් ඇසේ. දොර විවර කර බැලූ කනගරත්නම්ට හා ඔහුගේ බිරිඳට පෙනුණේ සරත් හා කල්පනා සමගින් අම්පාරෙන් ආ විශාල පිරසක් සිය දොරකඩ ඉදිරියේ සිටින බවය. සිදුවන්නේ හෝ සිදුවන්නට යන්නේ කුමක්ද යන්න කනගරත්නම්ට හෝ ඔහුගේ බිරිඳට සිතාගත නොහැකි විය. ඒ පිරිස අතරින් දිව එන මධුෂිකා කනගරත්නම්ගේ බිරිඳව මහත් සෙනෙහසින් වැළඳ ගනී.
කල්පනා කනගරත්නම්ගේ බිරිඳ දෙස බලා කනගරත්නම්ගේ බිරිදට නොතේරෙන සිංහල භාෂාවෙන් මෙසේ කියයි. ”දුවෙකුගෙන් වෙන් වීජීවත්වන වේදනාව තේරුම්ගන්න පුළුවන් තවත් එක් අම්මා කෙනෙක්ට විතරයි, මගේ දුවව හොඳට බලාගන්න.” කල්පනා මෙසේ කියමින් හඬමින් පිටත්ව යන අතර සරත්ද කල්පනා පසුපස ගමන් කරයි.
සරත් හා කල්පනා යන අයුරු මධුෂිකා විසින් සංවේදීව බලා සිටී....”
-නඩරාජා මනිවානන්-