තහනමට ලක්වූ සමකාමී ආදර කතාවට Fespaco සිනමා උළලේ දී සම්මානයක්
සිය රට තුළ තහනමට ලක්වූ සිනමාපටයක සමකාමී කතක් ලෙසින් නිරූපනය කළ චරිතය උදෙසා කෙන්යානු රංගන ශිල්පිනියක් අප්රිකාවේ විශාලතම සිනමා උළලේ දී සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
ඒ අනුව Rifiki සිනමාපටයෙහි දැක්වූ රංගන කුසලතාව වෙනුවෙන් සමැන්තා මුගට්ෂියා, හොඳම නිළියට හිමි සම්මානය දිනා ගත්තේ බුර්කිනා ෆසෝ හි පැවැත්වුණු Fespaco සිනමා උළලේ දී ය.
සමලිංගිකත්වයට උඩගෙඩි දෙන බව පවසමින් කෙන්යානු චිත්රපට වර්ගීකරණ මණ්ඩලය (KFCB) පසුගිය වසරේ දී මෙම සිනමා කෘතිය තහනම් කරන ලදී.
වසර 50 ක් ඉපැරණි Fespaco සිනමා උළලේ ප්රධාන සම්මානය වන Golden stallion of Yennenga දිනාගනු ලැබුවේ The Mercy of the Jungle චිත්රපටය වෙනුවෙන් එහි අධ්යක්ෂ ජොඑල් කරෙකෙසි විසිනි.
හොඳම නළුවා ලෙස එම චිත්රපටය සඳහා රංගන දායකත්වය සැපයු මාක් සින්ගා සම්මාන හිමිකර ගත්තේ ය.
සබැඳි පුවත් :
Fespaco අප්රිකාවේ විශාලතම සිනමා උළෙලට 50 යි ...