ජනකරළිය ජ්‍යෙෂ්ට සාමාජිකා සෙල්වරාජ් ලීලා බුන්කා සම්මානයෙන් පිදුම් ලබයි
වේදිකා නාට්‍ය ක්ෂේත්රය තුළ සුවිශේෂී කාර්යභාරයක් ඉටුකළ, ජනකරළිය ජ්‍යෙෂ්ට සාමාජිකා සෙල්වරාජ් ලීලා ජපන් මිත්‍රත්ව හා සංස්කෘතික අරමුදල (JSFCF) වෙතින් පිරිනමන බුන්කා සම්මානයෙන් පිදුම් ලබා තිබේ.
නාට්‍ය කලා ක්ෂේත්රය තුළ ඇය ප්‍රකට කළ කුසලතා සහ දැක්වූ දායකත්වය ඇගයීම උදෙසා පසුගිය 2 සෙනසුරාදා මෙම සම්මාන පිරිනැමුණි.
මෙය ජනකරළිය සාමාජිකයෙකු විසින් ලැබූ දෙවැනි බුන්කා සම්මානය වේ. ප්‍රථමයෙන් මෙම සම්මානය ලැබුවේ රාසයියා ලෝහානන්දන් විසින් ය.