"තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා" උපහාර උළෙල
ප්‍රවීණ ගී පද රචිකාවන් වන දයා ද අල්විස්, කුසුම් පීරිස්, යමුනා මාලනී පෙරේරා ගී පද රචිකාවන් ඇගැයීම උදෙසා 08 වැනිදා පස්වරුවේ කොළඹ බිෂොප් විද්‍යාලයීය ශ්‍රවණාගාරයේ දී "තුන් සිත් ගී හෙළ වනිතා ගී ලතා" උපහාර උළල පැවැත්වුණි.
එදින විශේෂ ආරාධිත අමුත්තා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන එක් විය.
ගීත රචනා කලාවට මහඟු මෙහෙවරක් ඉටු කළ මෙම ගී පද රචිකාවන් ඇගැයීමට ලක් කරමින් උපහාර තිළිණ පිළිගැන්වූයේ ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව ය.
විශාරද නන්දා මාලනී, ආචාර්ය වික්ටර් රත්නායක ඇතුළු ගායක ගායිකාවන්, ගී පද රචකයන් සහ කලාකරුවෝ විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.