මම හිතන්නේ නැහැ මම සාර්ථකයි කියලා- රාධිකා ආප්තේ
පෑඩ් මෑන්, ෆෝබියා, ලස්ට් ස්ටෝරීස් වැනි සිනමා කෘතීන් ඔස්සේ ප්‍රේක්ෂකයා අතරට පිවිසි ජනප්‍රිය බොලිවුඩ් රංගන ශිල්පිනි රාධිකා ආප්තේ සිය සිනමා ගමනේ ආරම්භය සනිටුහන් කරන්නේ 2005 වසරේ දී යි.
ඒ ෂහිඩ් කපූර් සහ අම්රිතා රාඕ රඟන “වාහ්! ලයිෆ් හෝ තෝ ඇයිසි” චිත්‍රපටය සමඟිනි.
මේ වනවිට 32 හැවිරිදි වියේ පසුවන රාධිකා ආප්තේ රංගන දායකත්වය ලබාදුන් සිනමාපට බොහෝවිට විවේචනයට තුඩු දුන් මෙන්ම වාණිජමය වශයෙන් සාර්ථකත්වයට පත් වූ චිත්‍රපට ලෙස හැඳින්විය හැකි යි.
කෙසේ වෙතත් තමන් සාර්ථක යැයි නොසිතන බව ඇය ඉන්දීය මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබෙනවා.
“මම කැමතියි විශිෂ්ටයින් සමඟින් වැඩ කරන්න. මම සාර්ථකත්වය දකින විදිහ අනිත් අයට වඩා වෙනස් විය හැකි යි. මම හිතන්නේ නැහැ මම සාර්ථකයි කියලා මොකද මට සපුරා ගැනීමට අවශ්‍ය දේ මම සපුරා ගත්තා කියලා මම හිතන්නේ නැහැ.”
එසේම නවාසුදීන් සිද්දික් රංගනයෙන් දායක වන රාත් අකේලි හේ නම් සිනමා කෘතියේ වැඩ කටයුතු ආරම්භ කරන තෙක් නොඉවසිල්ලෙන් පසුවන බවත් ඇය මාධ්‍ය වෙත වැඩිදුරටත් ප්‍රකාශ කර තිබෙනවා.