“යකුෂි පර්ල්” සම්මානය දිනූ නිල්මිණි සිගේරා දිවයිනට
2019 ඔසාකා ආසියානු සිනමා උළෙලේ අද්විතීය රංගනය උදෙසා පිදෙන “යකුෂි පර්ල්” සම්මානය දිනාගත් රංගන ශිල්පිනි නිල්මිණි සිගේරා අද (19) දින අලුයම දිවයිනට පැමිණියා. ඇයට මෙම සම්මානය හිමිවුයේ අසන්ධිමිත්තා සිනමා කෘතියේ රංගනය උදෙසා ය.
කටුනායක ගුවන් තොටුපල වෙත පැමිණි සම්මානිත රංගන ශිල්පිනිය පිළිගැනීම සඳහා ජාතික චිත්රපට සංස්ථාවේ සභාපති අනුෂා ගෝකුල, අසන්ධිමිත්තා සිනමා අධ්යක්ෂ අශෝක හඳගම ඇතුළු කලා ක්ෂේත්රයේ පිරිසක් ගුවන් තොටුපල විශේෂ අමුත්තන්ගේ මැදිරිය වෙත පැමිණ සිටිය හ.
14 වැනි වරට සංවිධාන කළ ඔසාකා ආසියානු සිනමා උළෙල ජපානයේ ඔසාකා නුවර දින 10ක් පුරා පැවැත්වුණු අතර එය පසුගිය 17 වැනිදා නිමාවට පත්විය.
ඡායා: මේනකා දහනායක ෆේස්බුක් ගිණුමෙන්
https://mirrorarts.lk/news/4966-nilmini-sigera-190319#sigProId5794dbba9c