ගැහැණු සිත් තුනක උපන් කෙටි චිත්‍රපට තුනක්
ජාතික සංස්කෘතික සම්පත් මධ්‍යස්ථානය සංවිධාන කරන සෞන්දර්ය හැන්දෑව මෙවරත් පැවැත්වීමට කටයුතු සුදානම් කොට තිබේ.
ගැහැණු සිත් තුනක උපන් සිනමා නිර්මාණ ත්‍රිත්වයක් සමඟ සම්ප්රදාය, විශ්වාසය සහ නිදහස නැවත නිර්වචනය කෙරෙන සංවාදාත්මක වැඩසටහන ඒ අනුව මාර්තු 25 වැනිදා සවස 4 ට ශ්‍රී ලංකා පදනම් ආයතනයේ කාමර අංක 5 දී පැවැත්වේ.
ලංකා බණ්ඩාරනායකගේ “The Tradition”, චතුමි මධුෂිකාගේ “The Image”, නෙරංජලා කුමාරසිංහගේ “My Favorite Colour Is Blue” එදින ප්‍රදර්ශනය කෙරෙනු ඇත.
ආචාර්ය සුනිල් විජේසිරිවර්ධන එදින වැඩසටහනට එක් වන අතර මෙහෙයවීම කුමාරි වෙලගෙදර විසිනි.