ලූෂන්ගේ වෙස්මූණ ගලවන්න මාර්තු 24 වැනිදා
“ආදරේට හැඩයක් නෑ..
ආදරේට රුපයක් නෑ..
ආදරේ ශරීරයක් නැතී
චන්ඩ කුණාටුවකී...
දොරගුළු දමන්න පුළුවන්නම්
ආදරේට දොරගුළු දමන්න
සිරකර තියන්න පුළුවන්නම්
ආදරේ සිරකර තියන්න..”
ප්‍රවීන රංගධර ලුෂන් බුලත්සිංහල විසින් රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද නවතම සංගීතමය ප්රසාංගික නාට්‍යය වන “වෙස්මූණ ගලවන්න” දර්ශන වාර දෙකක් මාර්තු 24 වැනිදා වේදිකා ගත කිරීමට නියමිත ය.
ඒ එදින පස්වරු 3ට සහ 6.30ට කොළඹ හැව්ලොක් ටවුන් ලුම්බිණි රඟහලේ දී ය.
“අපේ කාලයේ සාලිය-අශෝකමාලා ආදර කතාවක්” යනුවෙන් අන්යලාපයකින්ද හඳුන්වනු ලබන මේ සඳහා රංගන දායකත්වය සපයන්නේ දිලුෂා ලක්ෂානි, ඉෂාරා සෞභාග්‍යා, ප්‍රභාත් චින්තක, ඉශාන් කුලතිලක, භානු ප්‍රභාෂ, දිලිප් රෝහණ, ලෙයාන්වී මිරැන්ඩෝ, එශාන් තිලකසේන, නිව්ටන් ගුණසේකර, ජීවන්ති පෙරේරා, රොෂාන් ඉසුරු, රවිඳු සඳරුවන්, නිමාලි දිල්හානි, බාස්කර් ක්‍රිෂාන්, සාගරිකා නදීෂානි, චාමර චතුරංග, නිමල් සිල්වා, හෙමන්සා ආනන්දී, චතුරි මධුෂිකා, විරාජ් රණසිංහ, අමාසුවී යාපා විසිනි.
වෙස්මූණ ගලවන්න සංගීත නිර්මාණය හර්ෂ බුලත්සිංහල, නර්තන වින්‍යාසය ජෙරොම් ද සිල්වා, පසුතල හා ඇඳුම් නිර්මාණය උපාලි හේරත්, ශබ්ද පරිපාලනය හා ආලෝකකරණය වසන්ත කුමාර, නිෂ්පාදනය වෛද්‍ය රන්ජිත් පතිරණ විසිනි.