සුළඟ අප රැගෙන යාවි හෙට සිට රිදී තිරයට
නුවන් ජයතිලක විසින් තිර රචනා කොට අධ්‍යක්ෂණය කරන ලද සුළඟ අප රැගෙන යාවි(The Wind Beneath Us) සිනමාපටය හෙට (22) සිට LFD සහ රීගල් ඇතුළු දිවයින පුරා සිනමා ශාලාවල තිරගත කිරීමට නියමිතය.
මීමුරේ ජීවත් වන අවසාන තවලම් කණ්ඩායමේ ජීවන රටාව පදනම් කරගනිමින් නිර්මාණය මෙම චිත්‍රපටය සඳහා අයිරාංගනි සේරසිංහ, ප්‍රියංකර රත්නායක, සම්පත් ජයවීර, අංජන ප්‍රේමරත්න, සුජීව ප්‍රියලාල්, සුරංගා රණවක, දයාදේව එදිරිසිංහ, මයුර කාංචනා ඇතුළු රංගන ශිල්පින් ශිල්පිනියන් රැසක් රංගන දායකත්වය සපයා තිබේ.
සුළඟ අප රැගෙන යාවි කැමරා අධ්‍යක්ෂණය ස්ට්රයිනර් ඇඩම්ස්, සංගීත අධ්‍යක්ෂණය චිත්‍රාල් සෝමපාල, පසුබිම් ගීත ගායනය හිමාෂ මනුප්‍රිය, සංස්කරණය අනුර බණ්ඩාර සමඟ සමන් ඇල්විටිගල, වර්ණ සංයෝජනය ආනන්ද බණ්ඩාර විසිනි. එසේම මායා නවගත්ගත්තේගමගේ කුලුඳුල් සිනමා නිෂ්පාදනයි.