ප්‍රකට රැප් ගායක නිප්සේ හසල් වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට
ඇමරිකානු රැප් ගායක නිප්සේ හසල් වෙඩි ප්‍රහාරයකින් ජිවිතක්ෂයට පත්ව ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරනවා.
සිය රෙදි පිළි අලෙවිසැලට පිටතින් රැඳී සිටියදී 33 හැවිරිදි මේ ගායකයාට කිහිප වරක් වෙඩි තබා ඇති අතර රෝහල් ගත කිරීමට යාමේදී මියගොස් ඇති බවයි ලොස් ඇන්ජලිස් ටයිම්ස් පුවත්පත වාර්තා කරන්නේ.
මෙම වෙඩි ප්‍රහාරය නිසා තවත් පුද්ගලයින් දෙදෙනකු තුවාල ලබා තිබෙනවා.
“සැකකරුවන් පිළිබඳ තොරතුරක් මේ අවස්ථාවේදී අපි සතුව නැහැ. තොරතුරක් දැනගත් වහාම අපි ඒ පිළිබඳ දැනුම් දෙන්නට කටයුතු කරනවා,” යනුවෙන් ලොස් ඇන්ජලිස් පොලිස් දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර තිබේ.
නිප්සේ හසල්ගේ වික්ටරි ලැප් නම් සංගීත ඇල්බමය මේවසරේ ග්‍රැමී සම්මාන උළලේදී හොඳම රැප් ඇල්බම නිර්දේශ අතරට එක්විය.